කොරෝනා රෝගීන්ට ලබාදෙන භෞත චිකිත්සක ප‍්‍රතිකාර

261

කැස්ස මගින්, කිවිසුම් මගින් ආසාදිත රෝගියකුගෙන් තවත් කෙනකුට
මෙම වෛරසය ඇතුළු විය හැකි බැවින් මුව ආවරණ, අත් සේදීම, දුරස්ථභාවය
තදින්ම භාවිතාව අත්‍යවශ්‍ය වේ
 
ශ්වසන පද්ධතියටත් දරුණු ලෙස ආසාදනය ඇති කරවන මෙම වෛරසය නිසා

හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී  බොහෝ රෝගීහු මියගියහ
 
සාමාන්‍යයෙන් මෙම ප‍්‍රතිකාරය රෝගියකුට අවම වශයෙන් 

විනාඩි 15 ක්වත් කළ යුතුය
 
නියුමෝනියාවේදී පෙනහලූවල ගර්ථ ශ‍්‍රාවයන්වලින් පිරී යයි.

මෙම නිසා පෙනහලූවල කාර්ය වන ඔක්සිජන් හුවමාරුවට බාධා පැමිණේ.
එවිට ශරීරයේ තිබිය යුතු ඔක්සිජන් ප‍්‍රතිශතය අඩු වේ

මුළු ලෝකය පුරාම ඉතා භයානක තත්ත්වයකින් පැතිර යන කොරෝනා වෛරසය නැතහොත් කොවිඞ් 19 රෝගය නිසා මේ වනවිට ලොව පුරා රෝගීන් ලක්ෂ 40 කට අධික පිරිසක් මරණයට පත්ව සිටිති.

රෝගීන් ගණන කෝටිය ඉක්මවා ඇත. ඉන් මෙහි භයානක තත්ත්වය මොනවට පැහැදිලි වේ. ශ්වසන පද්ධතියටත් දරුණු ලෙස ආසාදනය ඇති කරවන මෙම වෛරසය නිසා හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී බොහෝ රෝගීහු

මියගියහ. කැස්ස මගින්, කිවිසුම් මගින් ආසාදිත රෝගියකුගෙන් තවත් කෙනකුට මෙම වෛරසය ඇතුළු විය හැකි බැවින් මුව ආවරණ, අත් සේදීම, දුරස්ථභාවය තදින්ම භාවිතාව අත්‍යවශ්‍ය වේ. නමුත් රෝගියකුගේ කැස්සට බිය නොවන එකම වෘත්තිකයන් භෞතචිකිත්සකයන්ය.

කොරෝනා  රෝගීන්ට ලබාදෙන  භෞත චිකිත්සක ප‍්‍රතිකාර

භෞතචිකිත්සක ප‍්‍රතිකාරවල අරමුණ රෝගීන්ගේ පෙනහලූවල ඇතුළු ශ්වසන පද්ධතියේ ඇති ශ‍්‍රාවයන් ඉවත් කර ගැනීමයි. මෙහිදී භෞතචිකිත්සක ප‍්‍රතිකාර දෙන විට රෝගියාගේ කැස්ස උත්තේජනය වේ. කැස්ස මගින් වැකුම් තත්ත්වයක් ඇති වී රෝගියාගේ සෙම ශ‍්‍රාවයන් පිටතට පැමිණේ. මේ සඳහා ස්වභාව ධර්මයෙන්ම ලබාදී ඇති උපක‍්‍රමය කැස්සයි. සාමාන්‍යයෙන් මෙම ප‍්‍රතිකාරය රෝගියකුට අවම වශයෙන් විනාඩි 15 ක්වත් කළ යුතුය. එවිට රෝගියා බොහෝ ප‍්‍රමාණයක් කහිමින් සෙම ඉවතට දමයි. කොරෝනා රෝගයේ රෝග ලක්ෂණ ප‍්‍රථමයෙන් සුළු ශ්වසන අපහසුතා සමග උණ ඇති වීම ප‍්‍රධාන වේ. බොහෝ රෝගීන්ට සුළු රෝගී තත්ත්වයන් ඇති වී සුව වීමක් දැකිය හැකි වුවත් ඇතැම් රෝගීන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වී දැඩි උස්ම ගැනීමේ අපහසුතාවක්, දැඩි උණ සමග නියුමෝනියා තත්ත්වයක් දක්වා වර්ධනය විය හැක. ඒ අතරින් තවත් අයට හුස්ම ගැනීමේ අපහසුව දැඩිව ඇවිත්, ඉන්ද්‍රිය අක‍්‍රමිකතාවන්, Septic Shock වැනි තත්ත්වයන් ඇති වී දැඩිසත්කාර අංශවලට (ICU) යොමු කොට කෘති‍්‍රම ශ්වසන යන්ත‍්‍ර මගින් ප‍්‍රතිකාර කෙරේ. බොහෝ විට වෛද්‍යවරු නියුමෝනියා රෝග තත්ත්වයෙන් රෝගියා සුව කර ගැනීමටත්, එම නියුමෝනියා රෝග තත්ත්වය එන්න පෙර එය වළක්වා ගැනීමටත් භෞතචිකිත්සක ප‍්‍රතිකාර නිර්දේශ කරති.

නියුමෝනියාවේදී පෙනහලූවල ගර්ථ ශ‍්‍රාවයන්වලින් පිරී යයි. මෙම නිසා පෙනහලූවල කාර්ය වන ඔක්සිජන් හුවමාරුවට බාධා පැමිණේ. එවිට ශරීරයේ තිබිය යුතු ඔක්සිජන් ප‍්‍රතිශතය අඩු වේ. එය රැකගැනීමට ශ්වසන වේගය වැඩි කරයි. රෝගියා හුස්ම ඉහළ පහළ ගැනීමේදී සහ කහිනවිට පපුවෙහි ඇති වන පිහියකින් අනින්නාක් මෙන් දැනෙන වේදනාවක් ගැන පවසන අතර ජලයේ ගිලී හුස්ම හිරවන්නාක් මෙන් හැඟීමක් රෝගියාට දැනෙන බව සනාථ වී තිබේ. වෛද්‍ය ප‍්‍රතිකාරවලට සමගාමීව භෞතචිකිත්සක ප‍්‍රතිකාර ද ලබා දීම ඉතා වැදගත් වේ. මෙහිදී ගුරුත්වය ආධාරයෙන් කරනු ලබන පොස්චරල් ඩෙ‍්‍රනේජ් (Postural drainage) ඉතා වැදගත්ය. එනම් රෝගියාගේ පෙනහලූවල සෙම තිබෙන ප‍්‍රදේශය (සාමාන්‍යයෙන් දකුණු පෙනහැල්ලට ඛණ්ඩිකා 3 ක් ඇති අතර වම් පෙනහැල්ලට ඛණ්ඩිකා 2 ක් ඇත.) ඉහළට තබා ගුරුත්වාකර්ෂණය උදා වූ කර ගනිමින් සෙම ඉවත් කිරීමය. එක් එක් ඛණ්ඩිකා තවදුරටත් අනු ඛණ්ඩිකාවලට ද බෙද්.

එක්ස් කිරණ පටලයක් ආධාරයෙන් සෙම තිබෙන ඛණ්ඩිකාව හඳුනාගත හැක. ඒ ඒ ඛණ්ඩිකාව අනුව රෝගියා තබන ඉරියව් ඇත. (උදාහරණ ලෙස දකුණු පෙනහැල්ලේ මැද ඛණ්ඩිකාවේ (Middle lobe)* සෙම ඇත්නම් රෝගියාගේ දකුණු අත උඩට තිබෙන සේ පැත්තට හරවා බඩට යටින් කොට්ට තබා කටට වඩා උදර පෙදෙස අඩියක් පමණ ඔසවා තබාද, දකුණු පෙනහැල්ලේ යට ඛණ්ඩිකාවේ (lower lobe) සෙම තිබේ නම් රෝගියා මුණින් අතට හරවා බඩට කොට්ට තබා උදර පෙදෙස අඩි 1 1/2 ක් පමණ ඔසවා තබා සෙම ඉවත් කර ගත හැකිය. තවද අතින් තට්ටු කරමින් (Clapping Shaking) ලෙස හැඳින්වෙන ක‍්‍රම මගින් කම්පනය ඇති කරමින් සෙම ශ‍්‍රාවයන් ඉවතට ගනී. මෙවිට රෝගියාගේ කැස්ස ඇති වේ. බොහෝ රෝගීන් සෙම ගිල දමයි. ඒවා මළ සමග පිට වේ. මෙමගින් ඉවත් කිරීමට අපහසු ශ‍්‍රාවයන් ශ්වසන මාර්ගය තුළට බටයක් දමා ඉවත් කිරීම ද සිදු වේ. විශේෂිත වැකුම් යන්ත‍්‍රයක් භාවිතා කරමිනි. මෙලෙස සිටින රෝගියා කායිකව දුර්වල වීම ද දැකිය හැකිය.

ඇවිදීම සහ අනෙකුත් කායික කි‍්‍රයාකාරකම් දුර්වල වීම නිසා පේශී දුර්වල වී සිහින් වී සන්ධි තද වී රෝගියා අඩපණ විය හැකිය. මෙය වැළැක්වීමට භෞතචිකිත්සකවරු රෝගියාගේ චලනයන් සිදු කිරීම කරයි. සන්ධි චලනය කරවන ව්‍යායාම, පේශි ශක්තිමත් කරන ව්‍යායාම මෘදු පටක දිග ඇ`දුම් අභ්‍යාස, හුස්ම ගැනීමේ ව්‍යායාම ද කරමින් රෝගියා සුව කර පුනරුත්ථාපනය කර සමාජගත කිරීම සිදු කරනු ලබයි. මෙලෙස භෞතචිකිත්සාව රෝගියා දැඩිසත්කාර ඒකකයේ සිට ප‍්‍රජාවට යවන තෙක්ම ලබාදිය යුතු වේ.

කොරෝනා  රෝගීන්ට ලබාදෙන  භෞත චිකිත්සක ප‍්‍රතිකාර

ජාලිය උඩුවැල්ල
භෞතචිකිත්සක අධිකාරි
රිජ්වේ ආර්යා ළමා රෝහල, කොළඹ

කොරෝනා  රෝගීන්ට ලබාදෙන  භෞත චිකිත්සක ප‍්‍රතිකාර
advertistmentadvertistment
advertistmentadvertistment