පාසලේම ගුරුවරයකු නිර්මාණය කළ කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ පිළිරුව විවෘත වෙයි

158

මතුගම පාන්තිය මහා විදුහලේ ගුරුවරයකු වන, සහකාර විදුහල්පති (විෂය සමගාමී) නිර්මාල් කන්නන්ගර මහතාගේ දෑතින් නිර්මාණය කරන ලද, නිදහස් අධ්‍යාපනයේ පියාණන් වූ සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ පිළිරුව විද්‍යාලයීය පරිශ්‍රයේදී පසුගියදා විවෘත විය. එහි විදුහල්පති ඩී.එස්.කේ. වික්‍රමනායක මහතාගේ උපදෙස් මත පැවැති චාම් උළෙලේදී බෝපිටිය, ගෝමුල්ල පිරිවෙණේ ආචාර්ය, කොළොන්නේ පදුම හිමිපාණන් පංච ශීලයෙහි පිහිටුවනු ලැබූ අතර පූජ්‍ය රත්නපුර සුගතවිමල හිමිපාණන්ද මෙම අවස්ථාවට වැඩමකර සිටියහ.

මේ සඳහා අවශ්‍ය වූ ද්‍රව්‍යමය දායකත්වය ලබාදුන් දෙමාපියන්ටද, ශ්‍රමයෙන් ආධාර කළ විද්‍යාලයීය සිසුන්ටද හෘදයාංගම ස්තුතිය පුදකරන බව නිර්මාල් කන්නන්ගර මහතා කියා සිටියේය. සහකාර විදුහල්පති (අධ්‍යාපන සංවර්ධන) කේ.පී.ජී.එම්. පතිරණ මහතා සහ නියෝජ්‍ය විදුහල්පතිනිය මධුවන්ති මුතුකුඩ මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය සමග දෙමාපියන්ද විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

විල්සන් විජේරත්න – ඉත්තෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment