බීමත් රියදුරන් කෙලින්ම උසාවියට

1303


බීමතින් රිය පදවා පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගයන් පොලිස් ඇපමත මුද නොහැරීමට පොලිසිය තීරණය කර තිබේ.

ඒ අනුව මේ වන තෙක් බීමත් රියැදුරන් පොලිස් ඇප මත මුදා හැරීමට පොලිස් ස්ථානාධිපතිවරුන්ට බලය හිමිවී තිබුණද එය අත්හිටුවනු ඇත.

මින් ඉදිරියට පොලිසිය අත්අඩංගුවට ගනු ලබන බීමත් රියැදුරන් පොලිස් ඇප ලබා දීමකින් තොරව ඍජුවම අධිකරණ වෙත ඉදිරිපත් කිරීමටය පියවර ගැනේ.

බීමත් රියැදුරන් පදවනු ලබන වාහනය රියැදුරු බලපත්‍රයක් හිමි තෙවැනි පාර්ශ්වයක් වෙත ලබා දීමට මේ දක්වා කටයුතු කෙරුණද එයද අත්හිටුවා ඇති අතර වාහනය මුදා හැරෙන්නේ අධිකරණ කටයුතුවලින් අනතුරුවය.

නියෝජ්‍ය පොලිස්පති රථවාහන විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් සහ රථවාහන ස්ථානාධිපතිවරුන් කැඳවා පසුගියදා මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment