පාර්ලිමේත්තු මන්ත්‍රී විනිසුරුට පහරදීලා

611


පුත්තලම කාදි අධිකරණයට පත්කළ ක්වාසි අධිකරණ විනිසුරු වෛද්‍ය මොහොමඩ් රහමතුල්ලා මහතාට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේත්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා විසින් පහර දීමෙන් රෝහල් ගත කර තිබේ.

පාර්ලිමේත්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා ඊයේ (26 වෙනි දින) ඉරිදා රාත්‍රියේ කාදි අධිකරණයට පත්කළ පුත්තලම ක්වාසි අධිකරණ විනිසුරු වෛද්‍ය මොහොමඩ් රහමතුල්ලා මහතාට තම නිවසට පැමිණෙන ලෙස දන්වා තිබේ.

රහමතුල්ලා මොහොමඩ් මහතා මන්ත්‍රීවරයාගේ නිවසට ඇතුළු වූ පසු මන්ත්‍රීවරයා සහ ඔහුගේ බෑණා තමාට අධිකරණ විනිසුරු ලෙස මින් ඉදිරියට කටයුතු නොකර රැකියාවෙන් ඉවත් වන ලෙස බලකරමින් පහර දුන් බවට ඔහු පොලිසිය හමුවේ කියා තිබේ.

රහමතුල්ලා මොහොමඩ් මහතා කාදි පුත්තලම අධිකරණයට පසුගිය මාර්තු 15 දින නව පත් විමක් ලබා වැඩ බාරගෙන තිබේ.
මන්ත්‍රීවරයා සහ ඔහුගේ බෑණා තමාගේ හිස ප්‍රදේශයට පහර කීපයක් එල්ල කළ බවත් එම පහර දීමෙන් තමා බලවත් ලෙස කම්පනයට පත් වූ බවත් රහමතුල්ලා මොහොමඩ් මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment