චන්ද්‍රිකා අගමැතිනිය වීම… එදා පත්තරෙන්….

709

1994 අගෝස්තු 16 වැනිදා පැවති මහා මැතිවරණයෙන් බහුතර මන්ත‍්‍රී ආසන සංඛ්‍යාවක් හිමිකරගත් පොදුජන එක්සත් පෙරමුණේ නායිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අගමැතිනිය වශයෙන් නම් කිරීම එවක ජනාධිපති ඞී. බී. විජේතුංග මහතා විසින් සිදුකරනු ලැබුවේ 1994 අගෝස්තු 18 වැනිදාය. ඒ අනුව ඇය අගමැතිනිය වශයෙන් 1994 අගෝස්තු 19 වැනිදා ඞී. බී. විජේතුංග ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

චන්ද්‍රිකා  අගමැතිනිය වීම... එදා පත්තරෙන්....

එම පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණ ඡන්ද 3,887,823 ක් ලබාගනිමින් මන්ත‍්‍රී ආසන 105 ක්ද (ප‍්‍රතිශතය 48.94%* එක්සත් ජාතික පක්‍ෂය ඡන්ද 3,498,370 ක් ලබා ගනිමින් මන්ත‍්‍රී ආසන 94 ක්ද (ප‍්‍රතිශතය 44.04%* ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ඡන්ද 143,307 ක්ද ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ඡන්ද 132,461 ක්ද ශ‍්‍රී ලංකා ප‍්‍රගතිශීලී පෙරමුණ ඡන්ද 90,078 ක්ද, මහජන එක්සත් පෙරමුණ ඡන්ද 68,538 ක්ද ලබාගත්තේය. නව අගමැති නම් කිරීම අද….පෙරමුණ පෙරමුණේ.. අගමැති ධුරයට උපරිම සුදුස්සා පත්කරනවා… ආදී පුවත්ද 19 දින පත‍්‍රයේ මුල් පිටුවේ ප‍්‍රධාන පුවත චන්ද්‍රිකා අද අගමැති වෙයි….. මැතිනියටත් ඇමැති පදවියක්…. නව අගමැති හා ඇමැතිවරු දිවුරුම් දීම අද….. අරලියගහ මැ`දුරින් රනිල් සමුගනී… ජනතා තීන්දුව පිළිගන්නවා…. රනිල්… උ/නැගෙනහිරට විසඳුම් පතා… නව රජයට සහාය දෙනවා… ප්ලොට් නායක සිද්ධාර්ථන්ගේ ප‍්‍රකාශය ආදී පුවත් දයා ලංකාපුර, ශාන් විජේතුංග, බන්දුල දිනපූර්ණ.. සරත් අබේගුණවර්ධන, විමලසේන ඉහළගම.. ඇතුළු අප පත‍්‍රයේ එවක සිටි මාධ්‍යවේදීන් විසින් ලියා තිබිණි.

 නාරද නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment