ඩොලර් එක රෙකෝඩ් තියයි: ඊයේ රු. 321.49 යි

205

මහ බැංකුව නිකුත් කළ නිල විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (08) දිනයේ රු. 321.49 දක්වා ඉහළ ගියේය.

නිල විනිමය අනුපාත අගයන් අනුව ලංකා ඉතිහාසයේ ඇමෙරිකානු ඩොලරයකට තීරණය වූ වැඩිම අගය මෙයයි.

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය පෙරේදා (07) දිනයේ රු. 319.99 ක් විය.

මේ අනුව ඊයේ දිනයේ පමණක් ඇමෙරිකානු ඩොලරයේ අගය රු. 1.50 කින් පමණ ඉහළ ගොස් තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment