ධනුෂ්කට ඇප ලැබේ : කොන්දේසි කිහිපයක් පැනවේ

360

ඔස්‌ට්‍රේලියාවේ දී ලිංගික අපචාර චෝදනා මත අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප කොන්දේසි කිහිපයක් සහ ඔස්‌ට්‍රේලියානු ඩොලර් 150000ක පුද්ගලික ඇපයක් මත ඇප ලබාදීමට සිඩ්නි අධිකරණය ඊයේ (17 වැනිදා) කටයුතු කර ඇත.

අත්අඩංගුවට පත්වී දින එකොළහකට පසුව ධනුෂ්කට මෙසේ ඇප ලබාදීමට ඔස්‌ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි පිහිටි සිඩ්නි ‘ඩවුනින් සෙන්ටර්’ අධිකරණයේ දී කටයුතු සිදුකර තිබේ.

එම ඇප කොන්දේසි අතර ධනුෂ්ක සෑම දිනකම පොලිසියට වාර්තා කළ යුතු අතර ඔහුට රාත්‍රි 9.00 සිට උදෑසන 6.00 දක්වා ගමන් බිමන් තහනම් වේ.

එමෙන්ම ධනුෂ්ක අදාළ පැමිණිලිකාරිය හමුවූ බව කියන ටින්ඩර් ඇප් ආදී වෙනත් ඩේටින්ග් ඇප් භාවිතය ද ඔහුට තහනම් කර ඇත.

තවද පැමිණිලිකරු හා සම්බන්ධ වීමට ධනුෂ්කට තහනම් වේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment