පස්දුන් කෝරළේ ක්‍රිකට් සටන සිකුරාදා සහ සෙනසුරාදා

78

ශාන්ත මේරි ක්‍රිකට් කණ්ඩායම –

පළමු පෙළ යසිත් මධුරංග (නායක) බුද්ධික කුලරත්න (පුහුණුකරු) තිලංකා අධිකාරම් (සහාය ක්‍රිකට් භාර ආචාර්ය) කේ. රවි චන්ද්‍රන් (නියෝජ්‍ය විදුහල්පති) චන්දිමා ප්‍රියදර්ශනී (විදුහල්පති) මහේෂා චන්ද්‍රදාස (නියෝජ්‍ය විදුහල්පති) සම්පත් ජයවර්ධන (ක්‍රිකට් භාර ආචාර්ය) සංජීව රණසිංහ (සහාය ක්‍රිකට් භාර ආචාර්ය) යසිත සත්සර (උප නායක).
දෙවන පෙළ- රනිඳු නිපුන්, නිතිල් දුල්සර, එන් ක්‍රිතික්, ප්‍රමුදිත මධු භාෂණ, වෙරාන් රත්නායක, නිසල් සත්සිඳු, අචින්ත ශානුක, නිරෝෂ් ඉමල්ක, සුපුන් සත්සර, පසිඳු ප්‍රභාත්, ආකාෂ් දෙව්මිණ.
තෙවැනි පෙළ- උදිත ඉඳුවර, ලිතුම් රන්සික, දනිඳු චාමිකර, ජයසංඛ ගුණතිලක, හිරුක දෙවිනෝද්, සුභාත් සංදීප, ජනිත් සෙතිය, හේෂාන් සස්මික

මතුගම ආනන්ද ශාස්ත්‍රාලය හා ශාන්ත මේරි මහා විද්‍යාලය අතර පවත්වන පස්දුන් කෝරළයේ ක්‍රිකට් තරගය 59 වන වරටත් ලබන 15 හා 16 දිනවල මතුගම මහජන ක්‍රීඩාංගණයේදී පැවත්වේ.

මෙවර ආනන්ද ශාස්ත්‍රාලීය කණ්ඩායම් නායකත්වය නුවන් දිනෙත් ද, ශාන්ත මේරි කණ්ඩායම් නායකත්වය යසිත් මධුරංග විසින් ද හොබවනු ලබති.

1953 සිට මෙතෙක් පැවැති තරගයන්හිදී ශාන්ත මේරි විද්‍යාලය තරග 12 කින්ද, ආනන්ද ශාස්ත්‍රාලය තරග 2 කින්ද ජයග්‍රහණය ලබා ඇත. ඒ අතර ආනන්ද ශාස්ත්‍රාලය අවසන් වරට1976 දී අනුර ජයසිංහගේ නායකත්වයෙන්ද, ශාන්ත මේරි විද්‍යාලය අවසන් වරට 2010 දී චානක දුෂ්මන්තගේ නායකත්වයෙන් ද ජයග්‍රහණයන් වාර්තා කර ඇත.

අන්තර් පළාත් වයස 19 න් පහළ ක්‍රිකට් තරඟාවලියේ තුන්වන කොටසේ ක්‍රීඩා කරන ශාන්ත මේරි විදුහල මෙම තරඟ වාරයේදී තරඟ 9 කට සහභාගී වී පළමු ඉනිමේ ජයග්‍රහණ 03 ක් ලබාගෙන ඇත. ආනන්ද ශාස්ත්‍රාලය තරඟ 11 කට සහභාගී වී තරඟ 4 ක් පූර්ණ ජය ලබා තරඟ 03 ක් පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ඇත.

පස්දුන් කෝරළේ ක්‍රිකට් සටන සිකුරාදා සහ සෙනසුරාදා

ආනන්ද ශාස්ත්‍රාලය ක්‍රිකට් කණ්ඩායම –

 ඉදිරි පෙළ – ජනුද කන්නන්ගර, ලකිඳු ජයතිලක (උප නායක) සදීප් සිල්වා (පුහුණුකරු) චානක ඉහල හේවා (ක්‍රිකට් භාර ආචාර්ය) රන්දුන් ජයලත් (විදුහල්පති) උදාර ගනේගොඩ (ක්‍රිකට් භාර ආචාර්ය) ගයාන් විදුරංග (ක්‍රීඩා පුහුණුකරු) නුවන් දිනෙත් (නායක) සිතුන කන්නන්ගර.
 දෙවන පෙළ – පැතුම් මුතුමාල්, සිතුම් කල්ප, ගයන්ත ලක්ෂාන්, ඉසර තෙව්මිත්, තරුෂ දසුන්, දෙනුක කුඩලිගම, තීක්ෂණ පීරිස්, පහන් තුලක්ෂිත.
 තෙවැනි පෙළ:- යසිත් ලයාන්, ශිහාන් තීක්ෂණ, අමිල් මද්දුමගේ, සසිදු අමරනාත්, නුමේෂ් එරන්ද, දෙනෙත් අංජන, මෙනුද සන්සුත, වෙනුෂ වෙත්මිත්.

මතුගම විශේෂ – අනුර ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment