ආසියාතික කලාපීය කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 15ක්

64

දකුණු ආසියාතික අවුරුදු 15න් පහළ සහ අවුරුදු 17 න් පහළ කලාපීය කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේදී වාර්තාගත ලෙස රන් පදක්කම් 9ක් සහ රිදී පදක්කම් 6ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඉස්ලාමාබාද් නුවර පාකිස්තාන ක්‍රීඩා සංකීර්ණයේ පසුගිය දා පැවැති මෙම ශූරතාවලියේ අවුරුදු 15න් පහළ තරග අංශයෙන් රන් පදක්කම් 5ක් දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අවුරුදු 17 න් පහළ තරග අංශයෙන් දිනා ගත් රන් පදක්කම් සංඛ්‍යාව 4කි. ඊට අමතරව 15න් පහළ තරග අංශයෙන් රිදී පදක්කම් 2 කුත්, අවුරුදු 17න් පහළ තරග අංශයෙන් රිදී පදක්කම් 4කුත් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment