ජාතික රට හරහා දිවීමේ තරගය 16 වැනිදා

52

ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කර ඇති ජාතික රට හරහා දිවීමේ තරගය ලබන 16 වැනිදා නුවරඑළිය නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

කිලෝ මීටර් 10 ක දුර ප්‍රමාණයකින් සැදුම්ලත් ජාතික රට හරහා දිවීමේ තරගය සඳහා එක් පළාතකින් ක්‍රීඩකයින් 10 දෙනා බැගින් ද ක්‍රීඩිකාවන් 06 දෙනා බැගින් ද සහභාගී වෙති.

නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණය ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරෙන මෙවර කාන්තා තරගය පෙ.ව.08.30 ට ආරම්භ කෙරෙන අතර පෙ.ව. 09.30 ට පිරිමි තරගයේ ආරම්භය සිදු කෙරේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment