කාසියේ වාසිය කුසලානයට වාසනාවක් වුණා – ඔස්ටේ‍්‍රලියා නායක ෆින්ච් කියයි

230

මෙවර පන්දු වාර 20 – 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීම සඳහා කාසියේ වාසිය තම කණ්ඩායමට විශාල රුකුලක් වූ බව ඔස්ටේ‍්‍රලියාවට පළමු පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලානය හිමි කර දුන් නායක ඒරන් ෆින්ච් ප‍්‍රකාශ කළේය.

පන්දු වාර විස්සයි විස්ස තරගවලදී යම් වාසනාවක් තිබිය යුතු බවත් මෙම තරගාවලිය පුරාවටම එය තම කණ්ඩායම සතුව තිබූ බවත් ඔස්ටේ‍්‍රලියා නායකයා තරගාවලියෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කර සිටියේය.

පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ දෙවෙනියට පන්දුවට පහර දී සෑම තරගයක්ම ජය ගෙන කුසලානය දිනූ දෙවෙනි කණ්ඩායම ලෙස ඔස්ටේ‍්‍රලියාව සැලකේ. එම දස්කම 2016 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විසින් මීට පෙර සිදු කර තිබුණි.

මෙම තරගාවලියේ ඔස්ටේ‍්‍රලියාව සහභාගි වූ තරග 7න් 6කම කාසියේ වාසිය දිනා ගත් ඔස්ටේ‍්‍රලියා නායක ඒරන් ෆින්ච් ඒ හැම තරගයකම දෙවෙනියට පන්දුවට පහර දී තරග ජයග‍්‍රහණය කළ අතර ඔවුන් කාසියේ වාසිය පරාද වුණු එකම අවස්ථාව වන්නේ එංගලන්තයට එරෙහිව පැවැති තරගයයි. එය ඔවුන් කාසියේ වාසිය පමණක් නොව තරගාවලිය තුළ පරාජය ලැබූ එකම තරගය ද විය.

ඔස්ටේ‍්‍රලියා නායක ඒරන් ෆින්ච් සතු මෙම වාසනා ගුණය මෙම තරගාවලියට පමණක් සීමා වූවක් නොවන අතර ඔස්ටේ‍්‍රලියාව වෙනුවෙන් ඔහු නායකත්වය ලබා දුන්

පසුගිය පන්දු වාර විස්සයි විස්ස තරග 22න් 18කම කාසියේ වාසිය දිනා ගැනීමට ෆින්ච් සමත් වී ඇත.

‘විස්සයි-20 දී යම් වාසනා ගුණයක් අවශ්‍යයි. මා කියනා දෙය වරදවා වටහා ගන්න එපා. ඇත්ත වශයෙන්ම ඔබ එහිදී වාසනාවන්ත විය යුතුයි. ඒත් අපි ඉතා හොඳින් ක‍්‍රීඩා කළා. අපේ ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාව හමුවේ අනෙක් කණ්ඩායම් පසු බැස්සා.

අවසන් තරගයේ නව පන්දුවෙන් අපි හොඳින් පන්දු යැව්වා. පළමු ඕවර් 10 තුළදී නවසීලන්තය ලකුණු 57 සීමාවේ තබා ගැනීමට හැකි වුණා. ඊට පසුව පින්න බලපෑවා. පන්දු යැවීමට අපහසු වුණා. ඒත් මුල් පන්දු වාර 10 තුළදී අඩු ලකුණු සංඛ්‍යාවක් රැුස් කර තිබීම ඔවුන්ට අවාසි වුණා.”

මෙවර ලෝක කුසලාන තරගාවලියේ වීරයා වීමට ඔස්ටේ‍්‍රලියා ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් සමත් වූ අතර ඔහු මෙවර තරගාවලියේ අවසන් තරග 3දී පිළිවෙලින් බටහිර ඉන්දීය කණ්ඩායමට එරෙහිව පන්දු 57කදී ලකුණු 89ක්, පකිස්තානයට එරෙහිව අවසන් පූර්ව තරගයේදී පන්දු 30කට ලකුණු 49ක් සහ අවසන් මහා තරගයේදී නවසීලන්තයට එරෙහිව පන්දු 38කදී ලකුණු 53ක් රැුස් කර ගෙන තිබුණි.

”මම මේ කියන එක වචනයක්වත් බොරු නොවේ. ඬේවිඞ් වෝනර් මීට මාස කිහිපයකට පෙර හොඳ දක්ෂතා අතර සිටියේ නැහැ. අපේ පුහුණුකරු ජස්ටින් ලැන්ගර් ඒ ගැන කනගාටුවට පත්ව සිටියා. මම ලැන්ගර් වෙත ගොස් මෙහෙම කිව්වා. ඔබ ඬේව් (ඬේවිඞ් වෝනර්* ගැන වධ වෙන්න එපා. ඔහු තරගාවලියේ වීරයා වෙයි.”

ලෝක කුසලාන තරගාවලියේ වීරයා වූ වෝනර් පිළිබඳව තමන් කී අනාවැකිය සාර්ථක වූ බව ෆින්ච් එහිදි ප‍්‍රකාශ කළ අතර එහෙත් තරගාවලියේ වීරයා සම්මානය හිමි විය යුතුව තිබුණේ ඇඩම් සම්පාට බවද ෆින්ච් පැවසීය.

”ඒක මගෙ පුද්ගලික අදහසක් පමණයි. මගේ තරගාවලියේ වීරයා නම් සම්පා තමයි.”

ඔස්ටේ‍්‍රලියා දඟ පන්දු යවන ක‍්‍රීඩක ඇඩම් සම්පා මෙවර තරගාවලියේ සුපිරි වටයේ වැඩිම කඩුලූ ලාභියා වන අතර ඔහු තරග 7 කදී ප‍්‍රතිවාදී කඩුලූ 13ක් බිඳ දමා තිබේ.

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියක්, එක් දින ලෝක කුසලාන තරගාවලියක් සහ පන්දු වාර 20 – 20 ලෝක කුසලාන තරගාවලියක් යන තරගාවලි තුනම ජය ගත් එකම ක‍්‍රීඩකයා ලෙස ඉන්දියාවේ යුවරාජ් සිං තබා තිබූ වාර්තාව හා සමතැන් ගැනීමට මෙම ජයග‍්‍රහණයත් සමග ඔස්ටේ‍්‍රලියාවේ ජොස් හේසල්වුඞ් සහ අවසන් තරගයේ වීරයා වූ මිචෙල් මාෂ් සමත් වූහ. ඔවුහු මීට පෙර ඔස්ටේ‍්‍රලියාව එක්දින ලෝක කුසලාන තරගාවලිය ජය ගත් කණ්ඩායමේ ද සාමාජිකයන් වූ අතර වයස 19න් පහළ ලෝක ශූර ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම ද නියෝජනය කළ ක‍්‍රීඩකයෝ වෙති.

කුෂාන් සුබසිංහ ඩුබායි සිට

advertistmentadvertistment
advertistmentadvertistment