කිරිපිටි මිල අඩුවෙන ලකුණු – ඇමැති කියයි

119

මේ සිකුරාදා (15දා) වනවිට කිරිපිටි කිලෝවේ පැකට්ටුවක මිල රු.150 කින් පමණ අඩුකරනු ඇතැයි වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

කිරිපිටි මිල අඩුකිරීම සම්බන්ධයෙන් කිරිපිටි ආනයනකරුවන් සමග ඊයේ (12දා) වෙළෙඳ ඇමැතිවරයා සාකච්ඡා කරන ලද අතර එම සාකච්ඡාවලින් පසු ඇමැතිවරයා මේ බව මාධ්‍යයට ප්‍රකාශ කළේය.

ශීඝ්‍රයෙන් ඉහළ යන ලොකු ලූනු මිල පාලනය කිරීම සඳහා රෝස ලූනු නමැති මධ්‍යම ප්‍රමාණයේ ලූනු ප්‍රභේදය ආනයනය කිරීමට පහසුකම් සැලසීමට ද වෙළෙඳ ඇමැතිවරයා තීරණය කර තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment