30 දා මැදියම් රැයෙන් පසු සා/පෙළ ටියුෂන් තහනම්

55

මැයි 06 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කර ගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම මෙම මස 30 වැනිදා මධ්‍යම රාත්‍රි සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එදින මධ්‍යම රාත්‍රි 12.00 සිට උපකාරක පංති, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදී විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන කටයුතු අත්හිටුවනු ඇත.

එම නීති උල්ලංඝනය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිතය.

පසුගිය දා පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මැයි මස අග නිකුත් කිරීමට කටයුතු කරන බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment