විදේශ ඇමැති ජීඇල් මෙරට ආර්ථිකයට ඉරානයේ සහයෝගය ඉල්ලයි

151

වැඩි දියුණු කළ ද්විපාර්ශ්වික වෙළෙඳාම, ආයෝජනය සහ සංචාරක කර්මාන්තය සහ බලශක්තිය වැනි නව අංශවල සහයෝගීතා විභවයන් ඇතුළත් පුළුල් ආර්ථික සහයෝගීතාවයක් ලබා දෙන ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති හෂෙම් අෂාසාදේ මහතාගෙන් ඉල්ලා සිටියේය. තානාපතිවරයා පෙරේදා (08දා* විදේශ අමාත්‍යාංශයේ දී හමු වූ අවස්ථාවේදී මෙම ඉල්ලීම කළේය.

 පෞරාණික හා ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාර දෙකක අභිමානවත් උරුමයක් හිමි ශ‍්‍රී ලංකාව සහ ඉරානය අතර පවතින දිගු කාලීන මිත‍්‍ර සබඳතා පිළිබඳව විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේය. මෑත වසරවලදී, ද්විපාර්ශ්වික මට්ටමේ මෙන්ම ජාත්‍යන්තර තලයේ ද සමීප සහයෝගීතාවය සහ සම්බන්ධීකරණය සඳහා දායක වූ ඉහළ පෙළේ සංචාරයන් හුවමාරු කර ගැනීම තුළින් මෙම ද්විපාර්ශ්වික සබඳතා යළි ප‍්‍රාණවත් වී තිබේ. ජිනීවා හි පැවති මානව හිමිකම් සැසිවාරයේ දී සහ අනෙකුත් බහුපාර්ශ්වික වේදිකාවල දී ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් ලබාදුන් නොසැලෙන සහයෝගය පිළිබඳව විදේශ අමාත්‍යවරයා ශ‍්‍රී ලංකා රජයේ ප‍්‍රසාදය පළ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment