පියාගේ අවවාදයෙන් පසු පෙම්වතා සමග පැනගිය පාසල් ශිෂ්‍යාව රෝහලට

10144

තම දියණිය විසින් පවත්වාගෙන යන ප්‍රේම සම්බන්ධතාවක් නතරකරන ලෙස පියා අවවාද කිරීමෙන් පසු අවුරුදු 15 මාස 05 වයසැති පාසල් ශිෂ්‍යාවක් පෙම්වතා සමග පැනගොස් සිටියදී දෙදෙනාම ඉකුත් (29) වෙනිදා හම්බේගමුව පොලිසිය මගින් අත්අඩංගුවටගෙන ඇත.

හම්බේගමුව දහයියාගල පදිංචි මෙම පාසල් ශිෂ්‍යාව කොටවෙහෙරමංකඩ පදිංචි 17 හැවිරිදි තරුණයකු සම ඔහුගේ නිවසේ ජීවත්වෙන බවට ලද තොරතුරක් මත ඔවුන් මෙලෙස අත්අඩංගුවටගෙන තිබේ. පාසල් ශිෂ්‍යාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත්කර ඇත. පෙම්වතා වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණි.

හම්බේගමුව පොලිස් ස්ථානාධිපති ඩී. එම්. විජේසුන්දර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවටගෙන තිබේ.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment