ඕස්ට්‍රේලියාව ඉන්දියාව සමග අවසන් මහා තරගයට

239

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර කොල්කටා ඊඩ්න් ගාඩ්න් හිදී ඊයේ පැවති තරගය කඩුලු 03කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය. කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව මුලින්ම පන්දුවට පහරදුන් අතර ඔවුන් පන්දුවාර 49යි පන්දු 4කදී සියලුදෙනා දැවී ලකුණු 212ක් රැස්කරගත්තේය.ජයග්‍රාහී ලකුණු 213ක ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියාව පන්දුවාර 47යි පන්දු 02ක් අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 215ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය. ඒ අනුව ඔවුන් 19 වැනිදා ඉරිදා ඉන්දියාව සමග අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment