මාස 3 ට අසාත්මික මරණ 10ක් සාමාන්‍යද? – වෛද්‍ය චමල් සංජීව අසයි

176

මාස තුනක් වැනි කාලයක් තුළ අසාත්මික මරණ 10 කට ආසන්න ප්‍රමාණයක් සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් දැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැදිලි කළ යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛiවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඉල්ලා සිටී.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන යන මහත්වරුන්ගේ උපදෙස් මත ඖෂධ භාවිතය නිසා රෝගීන් මියයෑම සම්බන්ධයෙන් කමිටුවක් පත්කර එහි වාර්තාව අමාත්‍යාංශයට භාරදී පැය 48 ක් යෑමටත් පෙර තවත් රෝගී මරණයක් ගම්පහ රෝහලින් වාර්තාවී ඇතැයි වෛද්‍ය චමල් සංජීව මහතා පැවැසීය.

එම මරණයට හේතුව Ceftazidime නම් 04 වන කාණ්ඩයේ ප්‍රබල ප්‍රතිජීවක ඖෂධය එකොළොස්වන මාත්‍රාව ලබාදීමෙන් පසු ඇතිවූ සංකූලතාවක් බවට වාර්තා වී ඇතැයි පැවැසූ ඒ මහතා මෙය කිසිසේත් සාමාන්‍ය තත්ත්වයක් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සැබෑ ප්‍රශ්න යටපත් කිරීම සඳහා නිකුත් කරන මාධ්‍ය නිවේදන හරහා අමාත්‍යාංශය ජනතාවගේ විහිළුවට ලක්විය හැකි බවත් කියා සිටී.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment