හම්බන්තොට රෝහලට කඩිනමින් නිර්වින්දන වෛද්‍යවරයකු දෙනවා

130

සෞඛ්‍ය ලේකම් කියයි

හම්බන්තොට රෝහලට කඩිනමින් නිර්වින්දන වෛද්‍යවරයකු යොමුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්‍ද්‍රගුප්ත මහතා ‘දිවයින’ ට ඊයේ (13 දා) පැවසීය.

රෝහලේ සිටි නිර්වින්දන වෛද්‍යවරයා විදෙස් ගත වී ඇති බවට වාර්තා වන බවත්, එම නිසා ඔහුගේ කාර්යය සිදුකිරීමට කඩිනමින් වෛද්‍යවරයකු යොමුකරන ලෙස තමා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතාට උපදෙස් දුන් බවත් ලේකම්වරයා කීය.

ඇතැම් වෛද්‍යවරුන් නිවාඩු ලබාගෙන විදේසගත වන බවත්, තවත් ඇතැමෙකු නිවාඩු ඉල්ලා අනුමත කිරීමට පෙර විදෙස්ගත වී ඇති බව වාර්තාවන බවත් ඒ මහතා කීය.

වෛද්‍යවරුන් විදෙස්ගතවීමේදී තමා වෙනුවට වෙනත් වෛද්‍යවරයකු එම ස්ථානයට අනුයුක්ත කර විදෙස්ගත වනවා නම් රෝගීන් අපහසුතාවට පත්නොවන බවත්, හිටි හැටියේ වෛද්‍යවරුන් විදෙස්ගතවීමෙන් අමාත්‍යාංශය ද දැඩි අපහසුතාවට පත්වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment