පොදු ප්‍රවාහනයට භාවිත කෙරෙන වාහන ආනයන සීමා ඉවතට

202

පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන වාහන කිහිපයකට අදාළව ආනයන සීමා ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව බස් රථ, ලොරි සහ ට්‍රක් රථ ආනයනය කිරීමට අවසර ලබාදීම සඳහා අදාළ කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මේ සඳහා අනුමැතිය ලබාදෙමින් ගැසට් පත්‍රය ඉදිරි දිනකදී නිකුත් කරන බව ද ඒ මහතා පවසයි.

කෙසේ වෙතත් සෙසු වාහන ආනයනය තවදුරටත් ප්‍රමාද වන අතර එම වාහන ආනයනය කඩනම් කිරීම හරහා යළිත් වරක් ඩොලරයේ අගය ඉහළ යා හැකි බව ද මුදල් අමාත්‍යාංශය පෙන්වා දී ඇත.
චමින්ද සිල්වා, ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment