විශ්‍රාමික නිලධාරිනියට වට්ස්ඇප් ඔස්සේ නිරුවත යැවූ තිදරු පියා අත්අඩංගුවට

106

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික පරිපාලන නිලධාරිනියකට අසභ්‍ය ඡායාරූප ජංගම දුරකථනයෙන් ඡායාරූප ගෙන වට්ස්ඇප් මාර්ගයෙන් යැවූ එම අමාත්‍යාංශයේම රියැදුරකු සැක පිට ඉකුත් 15 වැනිදා අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය පවසයි.

විශ්‍රාමික පරිපාලන නිලධාරිනිය 61 වියැති දියුලපිටිය මැදගම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවිවාහක තැනැත්තියක බවත්, අත්අඩංගුවට ගත් සැකකරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ රියැදුරෙකු වශයෙන් සේවය කරන බදුල්ල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි තිදරු පියකු බවත් විමර්ශනවලදී හෙළිවී ඇත.

පරිපාලන නිලධාරිනිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවයේ නිරතව සිටියදී සැකකරු නිලධාරිනියගේ රියදුරකු වශයෙන් ද සේවය කර ඇති බවත්, ඇය විශ්‍රාම ගැනීමෙන් පසු ඇයගේ මුහුණු පොතේ මිතුරකු වශයෙන් සම්බන්ධව සිට ඇති බවත් පොලිසිය පවසයි.

පසුව අදාළ සැකකාර රියැදුරා විශ්‍රාමික නිලධාරිනියගේ දුරකථන අංකය ලබාගෙන දිගින් දිගටම අසභ්‍ය ඡායාරූප සහ තම රහස් ප්‍රදේශ ඡායාරූප ගෙන වට්ස්ඇප් මාර්ගයෙන් විශ්‍රාමික පරිපාලන නිලධාරිනියගේ ජංගම දුරකථනයට යවා ඇති බවත්, ඇතැම් අවස්ථාවලදී වීඩියෝ දුරකථන ඇමතුම් ලබාගෙන තම නිරුවත සජීවීව විශ්‍රාමික නිලධාරිනියට ප්‍රදර්ශනය කර ඇති බවත් විමර්ශනවලදී හෙළිවී ඇත.

නිලධාරිනිය සිද්ධිය සම්බන්ධව වේයන්ගොඩ පොලිසියට කළ පැමිණිල්ලක් මත විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව සැකකාර රියදුරා අත්අඩංගුවට ගැණිනි.

වේයන්ගොඩ – ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment