චීනයට ආහාර සුරක්ෂිතතා අනතුරක්

171


චීනයේ මතුවෙමින් පවතින අයහපත් කාලගුණික තත්ත්වය රට තුළ ආහාර සුරක්ෂිතතා අර්බුදයකට මුහුණ දිය හැකි යැයි එරට කෘෂි විශේෂඥයෝ පවසති.ඉදිරි සති කිහිපයේදී ඇතිවන එල්නිනෝ තත්ත්වය නිසා චීනයේ දකුණු දිග කළාපයට ගංවතුර අනතුරක් සහ උතුරු කළාපයට නියගයක් ඇතිවිය හැකි බව අනතුරු අගවයි.චීනයේ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පසුගිය මැයි මාසයේදී මෙම කාලගුණ අනාවැකි සඳහන් කර තිබුණි. පසුගිය දසක දෙකක කාලය තුළ චීනයේ සහල් අස්වැන්න දොලොස් පංගුවකින් එකක් අඩුවී ඇතැයි ද සඳහන් කරයි.චීනයේ ඊසාන දිග ප්‍රදේශය ධාන්‍ය වර්ග විශාල ලෙස වගා කරන කොටසකි. මෙම ප්‍රදේශයට ගංවතුර සහ දැඩි වර්ෂාව පිළිබඳව ඇත්තේ අඩු අත්දැකීම්ය. පසුගිය මැයි මාසයේදී චීනයේ උතුරු කළාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 35ක් දක්වා ඉහළ ගියේය.මෙය චීනයට වසර 60කට පසු ඇතිවූ වැඩිම උෂණත්වය ලෙස සඳහන් කරයි.චීනය ඇමෙරිකාවෙන් තිරිගු පිටි ආනයනය කරන ලොව දෙවැනි විශාලතම රටවේ. 2022 වසරේදී තිරිගු පිටි මෙට්‍රික් ටොන් මිලියන 12ක් ආනයනය කර ඇති අතර සහල් මෙට්‍රික් ටොන් 4.56ක් ද ආනයනය කර ඇතැයි චීන කෘෂිකර්ම සහ ග්‍රාමීය සංවර්ධන දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment