අයිතිකරුට මිරිස් කුඩු ගසා රන්බඩු පෙට්ටියක් රැගෙන පළා ගිහින්

309

අකුරැස්ස නගරයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවිසලකට පැමිණි සොරෙකු ස්වර්ණාභරණ අලෙවිසලේ අයිතිකරුට මිරිස් කුඩු ගසා රුපියල් ලක්ෂ 8 කට ආසන්න රන් මාල පෙට්ටියක් රැගෙන පලා ගොස් ඇත.

ඔහු පසුපස හඹා ගියත් ඔහු යතුරුපැදියක නැගී බංගම ප්‍රදේශයට පලාගොස් ඇත. මෙම කොල්ලකරු රත්තරන් බඩු අලෙවිසැල කොල්ලකෑමට පෙර නගරයේ ඇති වෙනත් රත්‍රං බඩු අලෙවිසල් අසල ද සැරිසරා ඇති බව සීසීටීවී කැමරා දර්ශන මගින් සොයාගෙන ඇත.

මෙම කොල්ලය සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සමන් උපුල් පිනිදිය

advertistmentadvertistment
advertistmentadvertistment