පැතිරෙන මාරාන්තික රෝගයෙන් බලු පැටවු රැක ගන්න – පශු වෛද්‍ය උපුල් සාගරතිලක

88

හඳුනා නොගත් මාරාන්තික ස්වසන රෝගයක් කුඩා බලු පැටවුන් අතර පැතිරෙමින් පවතින බව පශු වෛද්‍ය උපුල් සාගරතිලක මහතා පවසයි.

මෙම ස්වසන රෝගය සඳහා මෙතෙක් සාර්ථක ප්‍රතිකාරයක් නොමැති බව පවසන සාගර තිලක මහතා මාස 8ට අඩු සුරතල් සතුන් ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් රැක බලා ගන්නා ලෙස දැනුම් දෙයි.

හුස්ම ගැනීමේ අපහසුතාව හා වේගයෙන් හුස්ම ගැනීම, වමනය හා පාචනය, විදුරුමස අවපැහැ ගැනීම, (සුදුමැලි බව) කෑම අරුචිය සහ කම්මැලිබව මෙහි රෝග ලක්ෂණයන් වන අතර දෙමුහුන් පැටවුන් අතර මෙය ශීඝ්‍ර ලෙස පැතිර යන බවද සොයා ගෙන තිබේ.

මේ වන විට මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ ප්‍රදේශ තුළ මෙය බහුල ලෙස පැතිර ගොස් ඇති අතර ගම්පොළ, නාවලපිටිය, ගිනිගත්හේන හා හැටන් යන ප්‍රදේශ තුළ සිටින බලු පැටව් අතරින් සියයට 80 ක ප්‍රමාණයක් මෙම රෝගයට ගොදුරුව ඇති බව වෛද්‍යවරයා පවසයි. මෙය වළක්වා ගැනීම සඳහා කුඩා පැටවුන් හට යෝගට් ඇතුළු ශීත ආහාර මෙන්ම එළකිරි දීමෙන් වළකින ලෙසත් පැටවා මාස හතර පහක් යනතුරු නෑවීමෙන් වළකින ලෙසත් සාගර තිලක මහතා ඉල්ලා සිටියි.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment