හික්කඩුවේ හෝටලයක් ගින්නෙන් දැවේ

279

හික්කඩුව පන්නන්ගොඩ ප්‍රදේශයේ හෝටලයක් පෙරේදා (08දා) රාත්‍රියේ ගිනි ගැනීමට ලක්වීමෙන් එම හෝටලයේ ඉහළ මාලය විනාශවී ඇති බැව් හික්කඩුව පොලිසිය පවසයි.

පසුගිය (07දා) රාත්‍රි 8.30ට පමණ මෙකී හෝටලයේ ඉහළ මාලයෙන් ගින්න ඇතිවී තිබෙන බව පොලිසිය පවසයි. විදුලිය විසන්ධි වී තිබී යළි විදුලිය ලැබීමත් සමග ගින්න ඇතිවී තිබෙන බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෙකී හෝටලය මහල් හතරකින් යුක්තවන අතර විදුලිය කාන්දුවීමක් නිසා මෙම ගින්න ඇතිවී තිබෙන බවට සැකකෙරේ. ගාල්ල මහ නගර සභාවේ ගිනිනිවන රථ 02ක් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළ බැව් හික්කඩුව පොලිසිය පවසයි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment