ළදරු මළ සිරුරක කොටස් වන්නර්පන්නෙයි ගොවි පොළක් අසල

55

මෘත ශරීරය හඳුනා ගැනීමට නියෝග

දින කීපයකට ඉහතදී මිය ගිය ළදරුවකුගේ මෘත ශරීර කොටස් කීපයක් යාපනයේ වන්නර්පන්නෙයි ප්‍රදේශයේ පිහිටි ගොවි පළක් අසලින් ගම්වාසීන්ට හමු වී තිබේ.

මෙම මෘත ශරීරයේ කොටස් දැඩි ලෙස නරක් වී දුගඳ හමමින් පවතින බව පවසන ගම්වාසීහු කිසියම් කෙනකු විසින් එම මෘත ශරීරය එම ස්ථානයේ දමා යන්නට ඇතැයි පැවසූහ.

ගම්වාසීන් සිද්ධිය පිළිබඳ පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ එම මෘත ශරීරයේ කොටස් වලට ආරක්ෂාව සලසා තිබේ.

මෙම ස්ථානයට පැමිණි යාපනය වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා අදාල මෘත ශරීරයේ කොටස් යාපනය ශීක්ෂණ රෝහල වෙත යවා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගෙන් පූර්ණ වාර්තාවක් ලබා ගෙන එය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, මෘත ශරීරය හඳුනා ගැනීමට කටයුතු කරන ලෙසත් යාපනය පොලිසියට නියෝග කොට තිබේ. යාපනය පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment