දෙහිවල පුංචා අල්ලන්න මෙහෙයුමක්

556

දෙහිවල ඕබන් පෙදෙසෙහි ඊයේ (10) රාත්‍රියේ දෙපිරිසක් අතර සිදු වූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් ඇති වූ ගැටුමක දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගයෙකු ඝාතනය කර තිබේ.මෙලෙස මියගොස් ඇත්තේ දෙහිවල ඕබන් පෙදෙසෙහි ධීවර නිවාසවල පදිංචිව සිටි 69 හැවිරිදි පුද්ගලයෙකි.එම ප්‍රදේශයේම පදිංචිව සිටින පුද්ගලයෙකු ඔහුගේ පුත්‍රයා සමඟ අනියම් සම්බන්ධයක් පවත්වන බවට කාන්තාවකට බැනවදිමින් ඇයට පහරදීමට උත්සහකළ අවස්ථාවේදී එම පිහි පහර වැදී ඇත්තේ ඇයගේ මාමාණ්ඩියට ය.බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා රෝහලට රැගෙන යාමේ දී මෙලෙස මියගොස් ඇති බව පොලීසිය පවසයි.පහරදීම සිදුකළ ප්‍රසන්න හෙවත් “පුංචා” නම් 52 හැවිරිදි පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment