බණ්ඩාරනායක ගුණ සැමරේ

337


දිවංගත එස්.ඩබ්ලිව්. ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 64 වැනි ගුණ සමරුව , අද පෙරවරුවේ නිට්ටඹුව හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අභියසදී පැවැත්විණි.
හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 23 වැනි ගුණ සමරුව සහ හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මහතාගේ 15 වැනි ගුණ අනුස්මරණය ද මීට සමගාමීව සිදු කෙරිණි
හිටපු ජනපතිනි ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ,සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් විසින් සමාධිය වෙත පුෂ්පෝපහාර පුද කිරීම සිදු කළහ .
ඉන් පසුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ද , හිටපු කතානායක කරු ජයසූරිය, අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා සහ අමාත්‍ය මහින්ද අමරවීර විසින් සිදු කළ අතර ආරාධිතයින් මෙන්ම ප්‍රදේශවාසී ජනතාව විසින් පුෂ්පෝපහාර දැක්වීම සිදු කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment