බුදු දහමට අනුව වනය රැකගන්නා බෞද්ධ ප්‍රජාවක්

535


ඊසානදිග ඉන්දියාවේ බෞද්ධ ආරාම ප්‍රජාවන් සිය අධ්‍යාත්මික ඉගැන්වීම් කටයුතු වලට අමතරව පරිසරය රැකගැනීම සඳහාද පෙරමුණ ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව නැඟෙනහිර ඇසෑම් ගම්මානයක් වන චලපතර් ශ්‍යාම්ගෝන් හි බෞද්ධ ප්‍රජාව සාම්ප්‍රදායිකව බෞද්ධ පැවිදි සිවුරුවලට ඔවුන්ගේ සංකේතාත්මක කුංකුම පැහැය ලබා දීමට භාවිතා කරන දේශීය ශාකයක් වන බුන්ග්ලෝටි ලපයා වඳ වී යාමට ලක්ව ඇති නිසාඅසල වනාන්තරය චාල ගම් අභයභූමිය ලෙස සම්මත කර ගැනීමට පියවර ගෙන ඇත.
නීතිවිරෝධී ලෙස දැව කැපීමෙන් විනාශ වී ගිය ඉඩම් කොටස් හි පැළ 20,000 කට අධික ප්‍රමාණයක් සිටුවා තිබේ. ඔවුන් ඕකිඩ් සහ දේශීය ගස් වර්ග රාශියක් පවත්වාගෙන යමින් ජෛව විවිධත්ව උද්‍යානයක් ද පිහිටුවා ඇත.

බෞද්ධ ඉගැන්වීම් තුළ ඇති බුදුන් වහන්සේ අවධාරණය කළ ස්වභාව ධර්මයට අනුකූලව ජීවත්වීම සහ සියලු ජීවීන්ට ගරු කිරීම මෙම ප්‍රජාව විසින් ලොවට යළි අවධාරණය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

බුදුදහම මගින් ස්වභාවධර්මයට සහ අනෙකුත් ජීවීන්ට සිදුවන හානිය වළක්වා ගැනීමේ මාර්ගයක් ලෙස කෙනෙකුගේ ක්‍රියාවන් ලෝකයට බලපාන ආකාරය පිළිබඳ ගැඹුරු අවබෝධයක් බලා ගැනීමට අවස්ථාව උදාකර ඇත. ,අහිංස, හෝ ,කිසිදු හානියක් නොකරන්න, යන සංකල්පය ද අවධාරණය කරයි. එය බොහෝ විට අර්ථකථනය කරනු ලබන්නේ අනුකම්පාව පෙන්වීමට සහ මනුෂ්‍ය නොවන ජීවීන්ගේ ජීවිතය නැති කර ගැනීමෙන් වළකින්න ලෙසය.

චලපතර් ශ්‍යාම්ගෝන්හි භික්ෂූන් වහන්සේලා අනවසර දැව කැපීමෙන් හා දඩයම් කිරීමෙන් වනාන්තරය ආරක්ෂා කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කර ඇති අතර අඩු කාර්ය මණ්ඩලයක් නොමැති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහාය වීම සඳහා පුද්ගලයින් 22 දෙනෙකුගෙන් යුත් වන ආරක්ෂණ කණ්ඩායමක් පවා පිහිටුවා ඇත. ඔවුන්ගේ උත්සාහය හුදු සංරක්ෂණයෙන් ඔබ්බට ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment