පාදුක්කේ ඕ. අයි. සී වගේ රඟලා තරුණියකට අතවර කරලා

787

සැකකරු අත්අඩංගුවට

පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රංගනයේ යෙදෙමින් රූමත් තරුණ කාන්තාවක මොරොන්තුඩුව ප්‍රදේශයේ ලැගුම්හලකට රැගෙන ගොස් ඇයට අතවර කර ලක්‍ෂ ගණනක රන් භාණ්ඩ කොල්ල කෑ බව කියන හිටපු හමුදා සෙබළෙකු පොලිසිය මගින් පෙරේදා (06දා) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු පොලිස් නිලධාරියකු ලෙස රඟපෑමට පොලිසිය නිකුත් කරන හැඳුනුම්පතක් ද ව්‍යාජ ලෙස සකස් කරගෙන සිට ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි.

සම්බාහන ආයතනයක සේවය කරණ රූමත් කාන්තාවක සමඟ සබඳතාවක් ගොඩනගා ගෙන ඇති සැකකරු තමන් පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා බව කියමින් ඇය සමඟ ලැගුම්හලකට ගොස් ඇත.

එහිදී කාන්තාවට අතවර කර ඇති සැකකරු පසුව ඇය සතුව තිබූ රන්මාලය ඇතුළු රන් භාණ්ඩ කීපයක් කොල්ලකාගෙන පලාගොස් තිබිණි.

මේ සම්බන්ධයෙන් තරුණ කාන්තාව සිදුකළ පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ මොරොන්තුඩුව පොලිසියේ නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගත්හ. සැකකරු මේ ආකාරයට තමන් පොලිස් නිලධාරියකු යැයි කියමින් කාන්තාවන් රැසක් රවටා ඔවුන්ට අතවර කර වටිනා දේ කොල්ලකා ගෙන ඇති බව විමර්ශන වලින් හෙළිවී ඇත.

මොරොන්තුඩුව පොලිසිය විමර්ශන පවත්වා ගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment