මත්ද්‍රව්‍යවල ඇති බිහිසුණුකම ගැන පාසල් දරුවන්ට අවබෝධයක් දිය යුතුයි – සජබ සම සංවිධායිකා හිටපු පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරළ

155

පාසල් දරුවන්ට මත්ද්‍රව්‍යවල අවදානමත්, ඒවාට ගොදුරු කරවීමට මාන බලන සමාජය ගැන කල්තබා දැනුවත් කිරීම, ගුරු දෙමව්පිය මෙන්ම සෙසු දරුවන්ටද දැනුවත් භාවය ලබාදීම ඉතා අත්‍යවශ්‍යව ඇතැයි බියගම සමගි ජන බලවේගයේ සම සංවිධායිකා හිටපු පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

බියගම මහින්ද මහා විද්‍යාලයේ දී නිරෝෂා අතුකෝරළ පදනම දියත් කළ මතින් දරුවන් බේරා ගැනීමේ වැඩසටහනට එක්වෙමින් ඇය මේ බව කීවාය. පළමුව මේ මහා ව්‍යසනයට දරුවන් නතු කරලීමට පුද්ගලයන් මතට ලොල්වූ රකුසන් මාන බලනවා. ඒ සියල්ල ගැන දරුවන් අතර අවබෝධයත්, එහි අති භයානකකමත් කියා දිය යුතුයි. යම් විපතකට ඇබ්බැහියකට ගොදුරු වූ විට දැයේ දරුවන්, තාරුණ්‍යය විනාශ වෙනවා. නිවසේ පද්ධතියත් බිඳ වැටෙනවා. දෙමව්පියන් මහා දුක් ගින්දරකට මුහුණ දෙනවා. පුළුවන් තරම් ඒ බිහිසුණුකම ගැන අප කියා දිය යුතුයි” යැයි කීය.

advertistmentadvertistment
advertistmentadvertistment