කෙන්යාවේ සතුන් ගැන ජාතික සංගණනයක්

409

අලි ඇතුන්, සීබ‍්‍රා, ජිරාෆ් ඇතුළු වන සතුන් රැසක් වාසය කරන නැගෙනහිර අප‍්‍රිකානු රටක් වන කෙන්යාව ප‍්‍රථම වරට රටේ සිටින සමස්ත වන සතුන් පිළිබඳව දැවැන්ත ජාතික  සංගණනයක් සිදු කිරීමට සැළසුම් කර තිබේ. මෙම සංගණනයේදී රටේ ගොඩබිම සිටින සතුන් මෙන්ම මුහුදු තීරයේ සිටින සත්ත්වයන් ද සැලකිල්ලට ගන්නා බව කෙන්යානු වන ජීවී නිලධාරීහු ප‍්‍රකාශ කර තිබේ.

 මෙතෙක් කෙන්යාවේ සිදු කර ඇත්තේ සත්ත්ව වර්ග කිහිපයක් ආවරණය වන පරදී සිදුකර ඇති සංගණනයන් වන අතර මෙවර සංගණනය හරහා රටේ සිටින මෙතෙක් සංගණනයට හසු නොවූ සීබ‍්‍රාවරුන් ,ජිරාෆ් ඇතුළු සියලූ සතුන් පිළිබඳව අවධානය යොමු කරන බව කෙන්යානු සංචාරක ඇමැති නජිබ් බලාලා පවසයි. ගොඩබිමෙන් හා මුහුදෙන් සිදු කළ යුතු මෙම සංගණනය පහසු කාර්යයක් නොවන බව ඇමැතිවරයා කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment