වැඩි වැඩියෙන් දරුවෝ හදන්න

320

උතුරු කොරියානු නායකයා එරට වැසියන්ගෙන් හඬමින් ඉල්ලයි

උපත් අනුපාත පහත වැටීම නවතාලීම සඳහා රට තුළ දරු උපත් වැඩිකිරීමට ක්‍රියා කරන ලෙස උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් එරට කාන්තාවන්ගෙන් කඳුළු සලමින් ඉල්ලීමක් කර ඇත.

උතුරු කොරියාවේ අගනුවර වන පියොංයෑන් හිදී පසුගිය දා පැවැති ජාතික අම්මාවරුන්ගේ රැස්වීමකදී උතුරු කොරියානු නායකයා ඉතා සංවේදීව හඬා වැටෙමින් මෙම ඉල්ලීම සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉහළ යන ළදරු මරණ අනුපාත පහළ දැමීම සඳහා උපත් අනුපාත ඉහළ දැමීමටත් දරුවන්ට ඉතා හොඳ රැකවරණයක් හා අධ්‍යාපනයක් ලබාදීම සඳහාත් පවුලක් සේ එක්ව එරට මවුවරුන් සමඟ කටයුතු කිරීමත් තමාගේ අභිලාෂය බව ද එම රැස්වීම අමතමින් උතුරු කොරියානු නායකයා ප්‍රකාශ කර ඇත.

මේ අතර 2023 වර්ෂය වනවිට උතුරු කොරියාවේ සශ්‍රීකත්ව අනුපාතය එක් කාන්තාවකට උපත් 1.8 ක් වන අතර එය සංවර්ධිත රටවල ප්‍රතිස්ථාපන අනුපාත මිණුම් ලකුණට වඩා 2.1 ක අඩුවක් බව ද එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සඳහන් කරයි.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment