මෙවර බුකර් ත්‍යාගය Prophet Song දුෂ්කර ම කාලයක ලියූ නවකතාවකට

170

පෝල් ලින්ච් යනු ‘මෑන් බුකර්’ ත්‍යාගය දිනාගත් පස්වන අයර්ලන්න ලේඛකයා වන අතර එය පළමුවෙන් ම දිනාගත් අයර්ලන්ත ලේඛකයා වෙන්නේ අයිරිස් මර්ඩොක් (1978) ය.

හොඳම සාහිත්‍ය කලා නිර්මාණ බිහිවෙන්නේ දුර්භාග්‍ය සමයන් හි, දුෂ්කර ම ජීවිත ගත කරන නිර්මාණකරුවන් අතින් යැයි කියමනක් ඇත. ඒ පිළිබඳ නිදසුන් ලොව විවිධ කලා ක්ෂේත්‍රයන් පිරික්සීමේ දී අපට ඕනෑතරම් සොයාගත හැකිය. එම කියමන සනාථ කරන ආසන්නතම උදාහරණය අපට හමුවෙන්නේ අයර්ලන්තයෙනි. ඒ මෙවර සාහිත්‍යය සඳහා වන බුකර් සම්මානය දිනාගත් අයර්ලන්ත නවකතාකරුවා වන පෝල්ලින්ච්ගේ ජීවිතයෙනි.

මෙවර බුකර් ත්‍යාගය Prophet Song දුෂ්කර ම කාලයක ලියූ නවකතාවකට

පැසිස්ට්වාදය කරා ගමන් කරන නූතන අයර්ලන්තය ගැන දිගහැරෙන Prophet Song නවකතාව පෝල් ලින්ච් රචනා කරන්නේ ජීවිතයේ විවිධ

රෝගාබාධ සහ දුෂ්කරතාවලට මුහුණදෙමින් සිටි යුගයක දී ය. එම නවකතාව රචනා කිරීම ඔහු ආරම්භ කරන 2018 වසරේ දී ම කොවිඩ් රෝගයට ගොදුරු වන ඔහු දිගු කලක් එයින් පීඩා වින්දේ ය.

එය කෙතරම් දරුණු එකක් වී ද යත් සමහර දිනවල ඔහුට ලිවීම කළ නොහැකි දෙයක් බවට පවා පත්ව තිබිණි. ඔහු වෙත එක දිගට පැමිණි අභාග්‍යයන් එයින් නොනැවතිණි. ඒ වැඩිකල් නොගොස් ම ඔහු පිළිකා රෝගයට ද ගොදුරු වූ බැවින් සහ ඔහුගේ වැඩිමල් පුතුත්, එම වසරේ ම උපත ලබා සිටි බාල පුතුත් හැර දමා බිරිඳ ඔහුගෙන් වෙන් වූ බැවිනි. තමා මෙම නවකතාව රචනා කළේ එවන් දහසකුත් එකක් දුෂ්කරතා මධ්‍යයේ නිසා අවසානයේ වාසනාව තමා සොයා පැමිණෙන්නට ඇතැයි ඔහු අදටත් විශ්වාස කරයි.

අයහපත් මානසික තත්ත්වයෙන් සිටි ලින්ච් නවකතාව ආරම්භ කිරීම සඳහා මාස කිහිපයක් තිස්සේ උත්සාහ ගත්තේ ය. ඔහුගේ ඒ සියලු උත්සාහයන් අසාර්ථක වූ අතර දිනක් එහි ආරම්භය ඔහු සිතෙන් පහකළේ අහම්බෙනි. ඔහු එය විස්තර කරන්නේ එය තම ලේඛන ජීවිතයේ තමා මුහුණදුන් ‘ප්‍රාතිහාර්යයන්ගෙන් එකක්’ ලෙස ය. නවකතාවට අදාළ අන්තර්ගතයෙහි සම්පූර්ණ අර්ථය ඔහු එහි පළමු පේළි කිහිපය තුළ සංකේතනය කළ ද තමා ලියන්නට යන්නේ කුමක් දැයි ඔහු හරියාකාරව දැන සිටියේ නැත.

Prophet Song නවකතාව ආරම්භවෙන්නේ අයර්ලන්ත උප නගරයක පිහිටි ඩබ්ලින් වීදියේ ඇති නිවසක දොරට තට්ටු කිරීමෙනි. අලුතින් පිහිටුවන ලද අයර්ලන්ත රහස් පොලිසියේ සාමාජිකයන් දෙදෙනෙක් අයිලිෂ් ස්ටැක්ගේ ස්වාමිපුරුෂයා වන ගුරු වෘත්තීය සමිති නායක ලැරී සොයමින් සිටිත.ි එම විස්තරය ඇතළත් නවකතාවේ පළමු පේළියේ සිට එහි අතිශය ප්‍රබල අවසාන පිටු දක්වා වන අතුරුදන්වන ඇගේ ස්වාමිපුරුෂයා සහ වැඩිමහල් පුත්‍රයා හරහා මුලින් ම අප අයිලිෂ්ගේ ලෝකයට ඇදගෙන යයි.

ඉන්පසු ඔත්තු බැලීම, සිවිල් නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටීම, ඇඳිරි නීතිය සහ වාරණය සමස්ත සිවිල් යුද්ධය දක්වා ම වර්ධනය වන අයුරු නවකතාව පුරා ම නිරූපණය වේ.

ලින්ච්ගේ Red Sky in Morning (2013) amp; ) / The Black Snow (2014) / Grace (20 17 amp; සහ Beyond the Sea (2019) amp; යන පළමු නවකතා හතර ම දේශපාලන නවකතා වන අතර ඔහු අයර්ලන්ත ඉතිහාසය සමග ගනුදෙනු කරන ලේඛකයෙකු බව එමගින් සනාථ කර ඇත. එහෙත් ‘දේශපාලන නවකතාකරුවා’ යන ලේබලයට ඔහු එතරම් කැමැත්තක් නොදැක්වුව ද දැන් එය වෙනස් කළ නොහැකි යැයි ඔහු විශ්වාස කරයි.

Prophet Song නවකතාවේ අවසන් දුක්ඛිත පරිච්ඡේද කිහිපය ලිවීම පෝල් ලින්ච් මාස ගණනාවක් කල් දැමී ය. එය කරන්නේ කෙසේ දැයි තමා දන්නා බව ඔහු වටහා ගත්තේ එක් රාත්‍රියක සිහිනයක් දැක අවදි වීමෙන් පසු ව ය. එම රාත්‍රියේ ම ඔහු මෝටර් රථයට නැඟ ඈත පිටිසර පිහිටි ගෘහයකට ගියේ ඒ සිහිනය ඔහුට එතරම් ප්‍රබල බලපෑමක් සිදු කළ හෙයිනි. එය කොවිඩ් වසංගතය අතරතුර කාලයක් වූ හෙයින් අයර්ලන්ත ඇඳිරි නීතිය කඩ කිරීමට පවා එහි දී ඔහුට සිදු වී ය.

නවකතාවේ එන අයිලිෂ් මෙන් තමා පොලිසියට හසු වුවහොත් නිදහසට පවසන කරුණු ගැන පවා ඔහු රිය පදවන අතරතුර සිතමින් සිටියේ ය. දිනකට වචන 200කට වඩා නොලියන සාමාන්‍යයෙන් ඉතා සූක්ෂ්ම මන්දගාමී ලේඛකයෙකු වන ලින්ච් මෙම නවකතාව අවසන් කර ඇත්තේ ඉතාමත් පුදුම සහගත ලෙස නිර්මාණාවේශයෙන් යුතුව දින පහක් තුළ එක දිගට වචන 9000ක් ලිවීමෙනි.

පෝල් ලින්ච්ගේ ජයග්‍රාහී නවකතාව ඇතුළු නවකතා 16ක් මෙවර බුකර් සම්මානය සඳහා දිගු ලැයිස්තු ගත වීය. ඉන් කෙටි ලැයිස්තු ගත වූයේ Prophet Song නවකතාව ඇතුළු නවකතා 06ක් පමණි. බුකර් ත්‍යාගය දිනාගත් පෝල් ලින්ච්ට පවුම් 50000 ක මුදල් ත්‍යාගයක් හිමිවන අතර පසුගිය නොවැම්බර් 26 වැනි දින ලන්ඩනයේ ඕල්ඩ් බිලින්ග්ගේට් හි පැවැති ‘මෑන් බුකර්’ සම්මාන උළෙලේ දී 2022 වසරේ බුකර් ත්‍යාගය දිනාගත් ශ්‍රී ලාංකික ලේඛක ෂෙහාන් කරුණාතිලක විසින් මෙවර ජයග්‍රාහකයා බවට පත් පෝල් ලින්ච් වෙත සිය කුසලානය පිරිනමන ලදි.

පෝල් ලින්ච් යනු ‘මෑන් බුකර්’ ත්‍යාගය දිනාගත් පස්වන අයර්ලන්න ලේඛකයා වන අතර එය පළමුවෙන් ම දිනාගත් අයර්ලන්ත ලේඛකයා වෙන්නේ අයිරිස් මර්ඩොක් (1978) amp; ය. අනතුරුව රොඩී ඩොයෙල් 1993 දී ද ජෝන් බැන්විල් 2005 දී ඈන් එන්රයිට් 2007 වර්ෂයේ දී ද මෙම ත්‍යාගයට හිමිකම් කියා තිබේ.

අනුර බී.සෙනෙවිරත්න
සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment