ඔස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා අවසන් පූර්ව සටන අද

96

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් වූ දකුණු අප්‍රිකාව සහ තෙවැනි තැනට පත් වූ ඔස්ට්‍රේලියාව සහභාගී වන තරගාවලියේ දෙවෙනි අවසන් පූර්ව තරගය කල්කටා හි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැත්වීමට නියමිතය.

දිවා රාත්‍රි තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ප.ව.2.00 ට ආරම්භ වේ.

මෙවර තරගාවලියේ ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් 4 වූ අතර එහිදී ඉන්දියාව සහ නවසීලන්තය පළමු අවසන් පූර්ව තරගයට ඊයේ සහභාගී වූයේය.

ඔස්ට්‍රේලියාව තරගාවලියේ පළමු තරග දෙක පමණක් පරාජයට පත් වූ අතර දකුණු අප්‍රිකාව ද ඉන්දියාවට සහ නෙදර්ලන්තයට එරෙහිව පරාජයට පත් වූයේය. කෙසේ වෙතත් මූලික වටයේ දී දෙරට අතර පැවැති තරගයෙන් ඔස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාව පරදවා ජයග්‍රහණය ලැබීය.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment