විශ්වවිද්‍යාලවලට උපකුලපති දාන්නෙත් අද මන්ත්‍රීට ඕන විදියට

59

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි

වර්තමාන සමාජ ක්‍රමය තුළ සෑම ක්ෂේත්‍රයකටම දැඩි ලෙස දේශපාලනය බලපා ඇති බවත්,විශ්ව විද්‍යාලයක උපකුලපතිවරයෙක් පත්කර ගැනීමේ ක්‍රමවේදය පවා අද පාර්ලි‌‌මේන්තුව මන්ත්‍රී නිර්දේශ මත සිදුකරන තත්ත්වයට පත්වී රටම අගාදයකට පත්කර තිබෙන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

මහනුවර ඊ.එල්. සේනානායක ළමා පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින් එලෙස පැවසූ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

අද පාර්ලි‌‌මේන්තුව තුළ සිටින මහජන නියෝජිතයන් 225 ම හොරු නොව එහි ඉතා හොඳ පිරිසිදු පුද්ගලයින් සිටින බවත් එම හොඳ පිරිස තෝරාගෙන ඔවුන්ට සහාය දක්වා ඔවුන් පාර්ලිමේන්තුවට පත් කර යැවීමට ජනතාව පියවර ගත යුතු බවත් පැවසීය. කවුරු මොන දේ කිවත් ඉදිරියේදී ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතුයි. එය කල් දැමිය නොහැකියි. ඒ නිසා මැතිවරණ කොමිසම අගෝස්තු මාසය වන විට මැතිවරණය කැඳවීමට අවශ්‍ය පියවර ගතයුතු බවද කීය.

දේශපාලන පක්ෂ නියෝජිතයන්, සිවිල් සංවිධාන නියෝජිතයන් සහ මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත සාමාජික සාමාජිකාවන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජානක සම්පත් බණ්ඩාර -ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment