CR & FC වෙත ෆස්ට් කැපිටල් ආයතනයේ සහාය

69

ජනශක්ති සමූහයේ සමාගමක් වන First Capital Holdings PLC ආයතනය ඉදිරියේ එළඹෙන රග්බි ක්‍රීඩා සමයේ දී CR & FC ක්‍රීඩා සමාජයට ප්‍රධාන අනුග්‍රාහකත්වය සැපයීමට පසුගිය දා ගිවිසුම් අත්සන් කළේය.

First Capital ආයතනයේ අලෙවිකරණ ප්‍රධානී, රන්දිනිත් මදනායක මහතා මෙම හවුල්කාරිත්වයේ වැදගත්කම ගැන සිය අදහස් පළ කරමින් කියා සිටියේ,

“රග්බි ක්‍රීඩා පිටියේ විශිෂ්ටයන් වන CR&FC සමග හවුල්කාරිත්වයක් දැරීම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සම්බන්ධයෙන් අපගේ කැපවීම පෙන්නුම් කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ රග්බි ක්‍රීඩාවට දීප්තිමත් අනාගතයක් ඇති බව අප විශ්වාස කරනවා. එම නිසාම, එම ක්‍රීඩාව විශිෂ්ට මට්ටමක් කරා ගෙන යෑමට අවශ්‍ය කටයුතු සම්පාදනයට ද අප ඇප-කැප වෙනවා. එපමණක් නොව, ක්‍රීඩකයන්ගේ මූල්‍යකරණ දැනුවත් භාවය වෙත සහය සැලසීමට ද ෆස්ට් කැපිටල් ආයතනය දායකත්වය සපයනවා.”

advertistmentadvertistment
advertistmentadvertistment