උතුර, බස්නාහිර හා සබරගමුවට ජය – නිදහස් අභියෝග කුසලාන අන්තර් පළාත් පාපන්දු තරගාවලිය

70

නිදහස් අභියෝග කුසලාන අන්තර් පළාත් ශූරතා පිරිමි පාපන්දු තරගාවලියේ දෙවන සතියේ තරග ආශ‍්‍රිතව ජයග‍්‍රහණ වාර්තා කර ගැනීමට උතුර, බස්නාහිර සහ සබරගමුව කණ්ඩායම් නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ.

එහි ප‍්‍රතිඵලයක් ලෙස ලකුණු 04 බැගින් වාර්තා කර ගනිමින් ප‍්‍රසාද ලකුණු පුවරුවේ ඉහළට පැමිණීමට උතුර, බස්නාහිර හා සබරගමුව යන කණ්ඩායම් වලට හැකි විය.

නැගෙනහිර සහ රජරට – වයඹ ඒකාබද්ධ කණ්ඩායම් අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

බස්නාහිර ගෝල් 03

මධ්‍යම ගෝල් 00

මොහොමඞ් අමාන් ගේ නායකත්වයෙන් සැදුම්ලත් වූ බස්නාහිර පළාත සහ කලීඞ් අසාමිත් ගේ නායකත්වයෙන් සැදුම්ලත් වූ මධ්‍යම පළාත අතර තරගය යාපනයේ දොරේඅප්පා ක‍්‍රීඩාංගණයේදී ඉකුත් සෙනසුරාදා (29) සවස පැවැති අතර එහිදී ගෝල් 03 – 00 ක පහසු ජයග‍්‍රහණයක් සටන් කර ගැනීමට අගනුවර ක‍්‍රීඩකයන්හට හැකි වූහ.

තරගයේ ප‍්‍රථම භාගය නිමා වන විට ගෝල් 01- 00 ක් ලෙස පෙරමුණේ පසුවන්නට බස්නාහිරට හැකි විය.

එම ගෝලය 18 හැවිරිදි සජෝඞ් ජාසුක් ගේ පාදයෙන් සටහන් වුණි. දෙවන භාගයේදී ක‍්‍රියාත්මක වූ මොහොමඞ් හස්මීර් 01 සහ නවීන් ජූඞ් 01 බැගින් ගෝල් වාර්තා කරමින් බස්නාහිර කණ්ඩායමේ ජයග‍්‍රහණය ගෝල් 03 – 00 ක් ලෙස ස්ථිර කළේය.

සබරගමුව ගෝල් 01

දකුණ ගෝල් 00

අරියාලේ පුහුණු මධ්‍යස්ථාන ක‍්‍රීඩාංගණයේදී පැවැති එම්. එන්. එම්. ෂිෆාන් ගේ නායකත්වයෙන් සැදුම්ලත් වූ සබරගමුව සහ ආර්. ඒ. චතුරංග ගේ නායකත්වයෙන් සමන්විත වූ දකුණ යන දෙපිල අතර තරගයෙන් ගෝල් 01 – 00 ක තියුණු හා ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමට සබරගමුව කණ්ඩායම සමත් විය.

සබරගමුව වෙනුවෙන් සටහන් වූ ජයග‍්‍රාහී එකම ගෝලය දෙවන භාගය ඇරඹී 13 වැනි මිනිත්තුවේදී විසි හැවිරිදි ඒ. එච්. එම්. මූෂීක් රැුස් කළේය.

උතුර ගෝල් 02

ඌව ගෝල් 00

ඌව පළාතට එරෙහිව ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාවක නිරත වෙමින් පළමු ජයග‍්‍රහණය සටහන් කර ගැනීමට එම්. නිදර්ෂන්ගේ නායකත්වයෙන් සැදුම්ලත් වූ උතුර නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ. තම හුරු පුරුදු ක‍්‍රීඩා ලෝලීන් ඉදිරියේම අදාළ ජයග‍්‍රහණය යාපනයේ දොරේඅප්පා

ක‍්‍රීඩාංගණයේ දී වාර්තා කර ගැනීමට උතුරේ ක‍්‍රීඩකයන් සමත්වීම කැපී පෙනුණි.

තරගය ඇරැුඹී පළමු භාගයේ 35 වැනි මිනිත්තුවේදී ක‍්‍රියාත්මක වූ කේ. තනුෂාන් පළමු ගෝලය වාර්තා කළ අතර දෙවන භාගයේ ඇරඹී 21 මිනිත්තුවේදී දෙවන ගෝලය සටහන් කිරීමට වී. ගීතාන් ට හැකි විය.

රජරට / වයඹ ගෝල් 01

නැගෙනහිර ගෝල් 01

තරගයේ ප‍්‍රථම භාගය නිමා වන විට ගෝල් 01- 00 ක් ලෙස ඉදිරියෙන් පසු වන්නට නැගෙනහිර කණ්ඩායම සමත් වුවද දෙවන භාගය ආරම්භයත් සමගම සංවිධානාත්මක ක‍්‍රීඩා රටාවක නිරත වෙමින් ගෝල් තත්ත්වය 01 – 01 ක් ලෙස සම කිරීමට රජරට කණ්ඩායමට හැකි විය. තරගය ඇරඹී 15 මිනිත්තුවේදී ක‍්‍රියාත්මක වූ ඒ. එම්. ෆයාස් නැගෙනහිර පිල වෙනුවෙන් එකම ගෝලය රැුස් කළ අතර 73 වැනි මිනිත්තුවේදී එම්. එන්. එන්. මොහොමඞ් වයඹ/රජරට වෙනුවෙන් එකම ගෝලය ලබා ගැනීමට සමත් විය.

සී. රත්නායකගේ නායකත්වයෙන් රජරට/වයඹ ඒකාබද්ධ පිල ද එම්. එම්. එම්. මුස්ටාක් ගේ නායකත්වයෙන් නැගෙනහිර පිල ද මෙම තරගයට අවතීර්ණ වූහ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment