විස්සේ ශූරයින්ට තවත් තරගාවලි ජයක්

133

පාකිස්තානය සමගින් පැවැති විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය 2-1ක් ලෙසින් ජය ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. එ් දෙරට අතර පැවැති තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගය කඩුලූ 3කින් ජය ගනිමිනි.
 
 තරගයේ පළමු තරග දෙකම 1-1ක් ලෙස ජය ගැනීමට කණ්ඩාම් දෙකම සමත්වී සිටි අතර තරගාවලියේ ශුරතාව වෙනුවෙන් තෙවැනි තරගය ජය ගැනීම කණ්ඩායම් දෙකටම වැදගත්වී තිබිණි. එ් අනුව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය නියමිත පන්දුවාර 20දී කඩුලූ 6ක් දැවී ලකුණු 154ක් වාර්තා කළේය. මොහොමඞ් රිස්වාන් පන්දු 57කදී නොදැවී ලකුණු 76ක් සහ ෆකාර් සමාන් ලකුණු 24ක් වාර්තා කිරීමට සමත්විය. අදීල් රෂීඞ් ලකුණු 35කට පාකිස්තාන ඉනිමේ කඩුලූ 4ක් බිඳ දැමීය.
 
 ජයග‍්‍රාහි ඉලක්කය හඹා ගිය සත්කාරක කණ්ඩායම පන්දුවාර 19.4කදී කඩුලූ 7ක් දැවී අදාළ ඉලක්කය පසුකර ගියේය. ජේසන් රෝයි පන්දු 36කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 12ක් සමගින් ලකුණු 64ක් සහ ඬේවිඞ් මලන් ලකුණු 31 සහ ජෝස් බට්ලර් ලකුණු 21ක් වාර්තා කළේය. මොහොමඞ් හෆීස් ලකුණු 28කට ප‍්‍රතිවාදි කඩුලූ 3ක් බිඳ දැමීය.

advertistmentadvertistment
advertistmentadvertistment