යාපනය යුද හමුදා කාන්තා බළකාය අලුත් වැඩක

348

දිනසේන රතුගමගේ
 
යාපනය ආරක්ෂක සේනාංක මුලස්ථානය මගින් පාලනය වන යුද හමුදා කාන්තා බලකාය විසින් යාපනයේ වගා කළ මිරිස් වගාවෙන් ඉතා උසස් අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව ලැබී තිබේ.
 
 යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල් ප‍්‍රියන්ත පෙරේරා මහතාගේ අදහසකට අනුව වගා කළ මෙම මිරිස් වගාවේ අස්වැන්න නෙළීම මේ දිනවල සිදු කෙරෙයි. වගාවෙන් නෙළන අස්වැන්න දඹුල්ල හා තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථාන වෙත තොග වශයෙන් යැවීමටත් යාපනයේ වැසියන්ට අවශ්‍ය අමු මිරිස් හා වියළි මිරිස් ලබා දීමටත් යුද හමුදාවේ කාන්තා බලකාය පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment