බලල්ල, යූ. බී. වන්නිනායක ජාතික පාසලේ පැවැති සුජය, BOC රන් කැකුළු, කැන්ඩොස් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය

91

උපාලි පුවත්පත් සමාගමේ සුජය පුවත්පත, BOC රන්කැකුළු සහ කැන්ඩොස් චොක්ලට් එක්ව සංවිධානය කරනු ලැබූ සම්මන්ත්‍රණ මාලාවේ දෙවන සම්මන්ත්‍රණය සහ සුජය කැන්ඩොස් එක්ව සංවිධානය කරනු ලැබූ 16 වැනි සම්මන්ත්‍රණය ඊයේ (29දා) දින බලල්ල යූ. බී. වන්නිනායක ජාතික පාසලේදී පැවැත්විණ. ආරාධිත පාසල් දහයක පමණ දරු පිරිසක් සහභාගි වූ අතර මෙහි දේශනය මෙහෙයවීම කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ ආචාර්ය ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක අමිල ප්‍රසාද් ජයසේකර මහතා විසින් මෙහෙයවනු ලැබීය. මෙයට සමගාමීව දෙමව්පියන් දැනුවත් කිරීමේ දේශනය ප්‍රවීණ නාට්‍යවේදීනී, ගුරු උපදේශිකා ප්‍රියංවදා ගොඩගේ මහත්මිය විසින් සහ BOC අලෙවි කළමනාකරු ජගත් හිරිපිටිය මහතා විසින් මෙහෙයවනු ලැබීය. මෙම අවස්ථාවට බලල්ල ජාතික පාසලේ විදුහල්පති සිසිර ප්‍රියන්ත මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, ලංකා බැංකුවේ ප්‍රාදේශීය කළමනාකාරිනී – නිකවැරටිය ප්‍රාදේශීය කළමනාකාරිනී සමිතා හෙට්ටිආරච්චි, සන්නාම කළමනාකරු රංග ප්‍රනාන්දු, මහව ශාඛාවේ වැඩබලන කළමනාකාරිනී උමන්දා හල්වලගේ, උපාලි පුවත්පත් ආයතනයේ සහකාර කළමනාකරු ජයරුක් පෙරේරා, සුජය කර්තෘ මණ්ඩලයේ උප කර්තෘ චන්දිමා විතාරණ යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

බලල්ල, යූ. බී. වන්නිනායක ජාතික පාසලේ පැවැති සුජය, BOC රන් කැකුළු, කැන්ඩොස් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය

සටහන හා ඡායාරූප – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment