හරි වෙලාවට ජනාධිපතිවරණය මැ. කො. ස. කියයි

52

නියමිත වේලාවට ජනාධිපතිවරණය කැඳවීම සඳහා මැතිවරණ කොමිසම කටයුතු කරමින් සිටින බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් සමන් රත්නායක මහතා ‘දිවයින’ ට ඊයේ (27දා) පැවසීය.

මැතිවරණ කොමිසමට අනුව මුලින්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් ඒ සඳහා කොමිසම ඉල්ලා ඇති රුපියල් බිලියන 10ක මුදල මුදල් අමාත්‍යාංශයෙන් වෙන් කර ඇති නිසා එම මැතිවරණය නියමාකාරයෙන් නියමිත කාලරාමුව තුළ පැවැත්වීමට කටයුතු කරන බවත් හෙතෙම කීය.

මහ මැතිවරණයක් පැවැත්වීමට නම් ජනාධිපතිවරයා විසින් තීරණය කළ යුතු බවත් එසේ මහ මැතිවරණයක් පවත්වන්නේ නම් ඒ සඳහා මුදල් වෙන් කිරීමක් කළ යුතු බවත් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment