මාර්ග සංවර්ධන අධිකාරියෙන් ගලවා අධිවේගී මාර්ග ලබන 1දා සිට සමාගමකට

158

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ දැනට ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වෙත පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අධිවේගී මාර්ග ජාලය, අධිවේගී මාර්ග සතු ඉඩම්, අධිවේගී මාර්ග ණය(දේශීය) සහ අදාළ කාර්ය මණ්ඩල වඩාත් වාණිජමය වශයෙන් කළමනාකරණය කිරීමට හැකිවන පරිදි මාර්ග සංවර්ධන අධිකාරියෙන් වෙන්කොට අදාළ සමාගමට පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ තිබේ.

ඒ අනුව අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ කටයුතු අප්‍රේල් මස 01 වැනිදා සිට විධිමත් කළමනාකරණ ගිවිසුමක් යටතේ සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් ආයතනය වෙත පවරනු ලැබේ.

මාර්ග සංවර්ධන අධිකාරිය සහ සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් ආයතනය ඒකාබද්ධව සිදුකරන නීතිමය හා මූල්‍යමය ශක්‍යතා අධ්‍යයනයකින් පසු මාස හයක් ඇතුළත අදාළ සියලු වත්කම් සහස්යා ආයතනය වෙත පැවරීමට ද නියමිතය.

අදාළ කැබිනට් පත්‍රිකාව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉකුත් 25 වැනිදා පැවැති කැබිනට් රැස්වීම වෙත ඉදිරිපත් කර තිබේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment