සුනඛ වැඩක් කළ ශ්‍රමණ වේශධාරියා

8406

මනෝ වෛද්‍යවරයකු හමුවට සැකකරු 19 දා තෙක් රිමාන්ඩ්

බෞද්ධ ධර්මයට සහ බෞද්ධ භික්ෂූන් වහන්සේට අපහාස වන අයුරින් අශෝභන ලෙස හැසිරීම සහ චීවරයක් සුනඛයකුට ඇන්දවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ශ්‍රමණ වේශධාරියකු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඔහු මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කොට මානසික තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට නියෝග කළේය.

රත්නපුරේ විමලබුද්ධි හෙවත් විශ්වබුද්ධි ලෙසින් පෙනී සිටින එම ශ්‍රවණ වේශධාරියා සුඛෝපභෝගි යාන වාහන භාවිතා කරමින් හා යහමින් මුදල් වියදම් කරමින් ඉතා සුඛෝපභෝගි ජීවිතයක් ගත කරන බවත් ඔහුට එලෙස මුදල් ලැබෙන ආකාරය සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට පැවසීය. සැකකාර ශ්‍රමණ වේශධාරියාට යම්කිසි සංවිධානාත්මක කණ්ඩායමක් බොදු දහමට හා භික්ෂූන් වහන්සේට අපහාස වන අයුරින් හැසිරීම සඳහා එලෙස මුදල් ලබාදෙන බව සැකයක් පවතින බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට කීහ. උපසම්පදාව ලැබූ භික්ෂුවක් ලෙස පෙනී සිටියත් එම සැකකරු කිසිදු විහාරස්ථානයක සිටි බවට මේ දක්වා තොරතුරු ලැබී නොමැති බවත් කළගෙඩිහේන, තිහාරිය ප්‍රදේශයේ නිවසක සිටියදී විමර්ශන පවත්වා එම සැකකරු අත්අඩංගුවට ගත් බවත් විමර්ශන නිලධාරීහු අධිකරණයට පැවසූහ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment