ව්‍යාපාර 1183 ක් බැංකුවලින් වෙන්දේසි කරලා – අනුර කුමාර

295

මේ වසරේ ඉකුත් මාස එකොළහ ඇතුළත මෙරට බැංකු විසින් පරාටේ නීතිය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් 1183 ක් පවරාගෙන වෙන්දේසි කර ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (13 දා) පැවසීය.

සුළු හා මධ්‍ය පරිමාණික ව්‍යවසාය ගොඩනැඟී ඇත්තේ බැංකු ණය මත බව ද ආණ්ඩුවල වැරදි තීන්දු තීරණ නිසා එම ව්‍යවසායකයන්ට ව්‍යාපාර අහිමි වී ඇති බව ද හෙතෙම කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

අපට හිටියේ නිවට නියාලු නායකයෝ. ඒ නිසා අපේ රටේ පිබිදීමක් ඇති කරන්න බැරි වුණා. තායිලන්තයේ, ඉන්දියාවේ, කොරියාවේ නායකයන්ට පුළුවන් වුණා ජනතාව පුබුදු කරන්න. රට හදන්න නම් ජාතිය අලුතෙන් නඟාසිටුවිය යුතුයි. එයට නායකත්වය දිය හැකි කණ්ඩායමක් බලයට පත් කළ යුතුයි.

ගිණුම්කරණ විසඳුමක් තිබුණත් ජනතාවගේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුමක් අවශ්‍යයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පරාටේ නීතිය හරහා බැංකු විසින් වෙන්දේසි කර තිබෙනවා. ජනවාරි 01 වැනිදා සිට නොවැම්බර් 31 දක්වා මේ වනවිට සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායයන් 1183 ක් වෙන්දේසි කරලා. මෙම ව්‍යවසායකයන් කඩාවැටුණේ පසුගිය ආණ්ඩු ඇති කළ දුර්වල පාලනය නිසා. ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව නැති වුණා. බැංකු පොලී අනුපාත වැඩි කළා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment