ඩොලර් මිලියන 337ක අයි. එම්. එෆ්. දෙවැනි වාරිකය හරි

123

ජාත්‍යන්තර මූලය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ දෙවැනි වාරිකය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 337ක් දීමට එහි විධායක සභාව අනුමැතිය ලබාදී ඇත.

මෙම ණය මුදල ලබාදෙනු ඇත්තේ මාස 48ක විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සඳහා මේ මුදල ලබාදීමට මූල්‍ය අරමුදල තීරණය කර ඇත.

මෙම දෙවැනි වාරිකයත් සමග අයි.එම්.එෆ් මෙතෙක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති මුළු ණය ආධාර ඇමෙරිකානු ඩොලර් මිලියන 670ක් පමණ දක්වා ඉහළ යනු ඇත.

අදාළ ණය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්යසාධනය සතුටුදායක විය. එක් කාර්යසාධන නිර්ණායකයක් හැර අනෙකුත් සියලුම දර්ශක ඉලක්ක ජුනි මස අවසානයේ සපුරා ගන්නා ලදී. 2023 ඔක්තෝබර් අවසානය වනවිට බොහෝ ව්‍යුහාත්මක මිනුම් සලකුණු ප්‍රමාදයකින් යුතුව සපුරාගෙන හෝ ක්‍රියාත්මක කර ඇති බව ද ජාත්‍යන්තර මූලය අරමුදල පවසයි.

ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, ආදායම් ඉහළ නැංවීම, සංචිත නැවත ගොඩනැංවීම, උද්ධමනය අඩු කිරීම සහ මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා බලධාරීන් ප්‍රශංසනීය ප්‍රගතියක් ලබා ඇති බව අයි.එම්.එෆ් කියයි. පාලනය වැඩිදියුණු කිරීම සහ දුප්පතුන් සහ අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීම සඳහා දැඩි කැපවීම ඉතා වැදගත් වන බව ජාත්‍යන්තර මූලය අරමුදල පෙන්වා දෙයි.

සර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ වර්ධනය ඉලක්ක කරගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට මෙම වැඩසටහන සහාය වන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

අයි.එම්.එෆ් පාලන විනිශ්චය අභ්‍යාසයට භාජනය වූ ආසියාවේ ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත් කරමින්, බලධාරීන් විසින් පාලන විනිශ්චය වාර්තාව ප්‍රකාශයට පත් කරන ලදී.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment