කුරුණෑගල – හබරණ දුම්රිය ව්‍යාපෘතියට වැය කළ මිලියන 568ක් වතුරේ

273

රජය විසින් කුරුණෑගල හබරණ දුම්රිය මාර්ග ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක නොකිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීම හේතුවෙන් මෙකී ව්‍යාපෘතිය සඳහා මේ දක්වා වියදම් කළ රුපියල් මිලියන 568 ක මුදල නිශ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

මෙකී ව්‍යාපෘතිය සඳහා 2016 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා කාලයේදී ඉඩම් අත්පත් කර ගැනීමේ වියදම් ලෙස රුපියල් මිලියන 349.06 ක මුදල ද ඇතුළුව සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 568 ක වියදමක් දරා තිබුණි. මෙම ව්‍යාපෘතිය සඳහා 2022 වර්ෂය වනවිට ආයෝජකයන් හෝ අරමුදල් සපයාගනු ලබන මාර්ගයක් හඳුනාගෙන නොතිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කේන්ද්‍රකර ගනිමින් කුරුණෑගල සිට දඹුල්ල හරහා හබරණ දක්වා මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ඉදිකිරීමට සැලසුම් කර තිබුණි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment