මත් ජාවාරම්කරුවන්ගේ රියට දෙමටගොඩදී පොලිස් වෙඩි

219

වාහනය මග දමා ජාවාරම්කරුවෝ පලා යති

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් දෙමටගොඩ ඕවල් ක්‍රීඩාංගණය අසලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් රැගත් ජීප් රථයකට ඊයේ දහවල් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.

වෙඩි ප්‍රහාර හමුවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පලාගොස් ඇති අතර ඔවුන් ගමන්ගත් ජීප් රථය පෑලියගොඩ ප්‍රදේශයේ වාහන අංගනයක අතහැර දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ. ජීප් රථයේ ගමන්ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සහ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර ඇත.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment