දවස් දෙක තුනකින් විකිණෙන ඞීසල් පැය දෙක තුනෙන් ඉවරයි

224

ඞීසල් හිගයට හේතුව ලොකුගේ කියයි

වුවමනාවට වඩා ඞීසල් තොග රැස්කිරීම නිසා ඉන්ධන හල්වල දින දෙක තුනකින් අලෙවි වන ඞීසල් පැය දෙක තුනකින් අවසන් වීම දැනට තිබෙන හි`ගයට හේතුවී ඇතැයි බලශක්ති ඇමැති ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

රටට අවශ්‍ය පෙට‍්‍රල් හා ඞීසල් සංස්ථාව සතුව තිබෙන බැවින් පිරවුම්හල්වල දැනට තිබෙන ඉන්ධන ගැටලූව හෙට අනිද්දා වන විට අවසන්විය හැකි යැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

ඉන්ධන මෙටි‍්‍රක් ටොන් 3400ක් නැවෙන් ගොඩබෑම ඊයේ (14දා) සිදුවූ බවත්, ඊට අමතරව ගුවන්යානා තෙල් හා දැවිතෙල් ගොඩබෑමේ කටයුතුත් මේ වනවිට සිදුන බවත් හෙතෙම පැවසීය.

ෂධක්‍ ඉන්ධන හල්වල මිලට වඩා ඛනිජ තෙල් සංස්ථාවට ණය ඉන්ධන හල්වල ඞීසල් මිල අඩු නිසා ඒවායේ ඞීසල් පැය කිහිපයකින් අවසන් වන බවද ඇමැතිවරයා පැවසීය.

දිවයිනේ සියලූම ඉන්ධන පිරවුම්හල් සඳහා බවුසර් මගින් ඉන්ධන බෙදාහැරීම සිදු කෙරෙන බවත් අනුරාධපුර පොළොන්නරුව, පේරාදෙනිය, හපුතලේ, මාතර, ගාල්ල, රත්නපුර ආදී සෑම ඉන්ධන තොග ගබඩාවකටම අවශ්‍ය තොග බෙදා හැරෙන බවත් බවුසර් මගින් බෙදාහැරීම හදිසි හි`ගයක් සමග ගැටලූවක් වී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

බත්තරමුල්ල, නෙළුම් මාවත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ ප‍්‍රධාන කාර්යාලයේදී ඊයේ (14දා* පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

අනුර බාලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment