කේරළ ගංජා කිලෝ 65 ක් සමඟ 3 ක් කෙසෙල්වත්තෙන් අල්ලයි

100

කොළඹ කෙසෙල්වත්ත ඩයස් පෙදෙස ප‍්‍රදේශයේ ඊයේ (07 දා) අලූයම සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග‍්‍රෑම් 65 ක්, මත්කුඩු ග‍්‍රෑම් 3 ක් හා රුපියල් හත්ලක්‍ෂ අනූදහසක මුදලක් සමඟ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි කෙසෙල්වත්ත පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රංජිත් බමුණුසිංහ මහතා ‘දිවයින’ ට පැවසීය.

කේරළ ගංජා කිලෝ 65 ක් සමඟ  3 ක් කෙසෙල්වත්තෙන් අල්ලයි

මෙම මෙහෙයුම සඳහා කොළඹ මධ්‍යම පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන 8 ක පොලිස් නිලධාරීන්, ශ‍්‍රී ලංකා හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය සහභාගී වූ බවද හෙතෙම කීය.

අත්අඩංගුවට ගත් සැකකකරුවන් කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූවන් බවට හෙළිවී ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

සැකකරුවන් රැුඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන ප‍්‍රශ්න කරගෙන යන බවද පොලිසිය කියයි.

කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර මහතාගේ අධීක්‍ෂණය යටතේ පොලිසිය, යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය ඒකාබද්ධව මෙම මෙහෙයුම කි‍්‍රයාත්මක කර තිබිණි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment