නාවලපිටියේ පවුල් 850 ක 3870 දෙනෙක් අවතැන්

243

නාවලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයට 01 දින ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් පවුල් 850 කට අයත් සාමාජිකයන් 3870 දෙනෙකු අවතැන් වී ඇති බව ආපදා කලමනාකරණ ඒකකයේ නිලධාරියෙකු පැවසීය.

නාවලපිටිය කැටඹුලාව ඔයෙන් එතෙරවීමට ගිය
තිදෙනෙකු සැඩපහරට ගසාගෙන යමින්

නාවලපිටියේ පවුල් 850 ක 3870 දෙනෙක් අවතැන්

නාවලපිටිය නගරය සහ නගරය අවට නිවාස සහ සංචාරක හෝටලයක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වූ අතර, මහවැලි ගඟට ජලය ගලා බසින ඇළ මාර්ග හරහා ඉදිකර තිබූ පාලම් දෙකක්ද සම්පූර්ණයෙන්ම විනාශයට පත්වී ඇත. නාවලපිටිය කැටබුලාව වතුයායට පිවිසීමට ගිය පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක් කැටබුලාව පාලම මතින් එගොඩ වීමට යාමේදී සැඩ පහරට හසු වී අතුරුදන්ව ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.

නාවලපිටියේ පවුල් 850 ක 3870 දෙනෙක් අවතැන්

එම තිදෙනොද සොයා මේ වන විට පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව මෙහෙයුමක් දියත් කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් මහතා පැවසීය. නාවලපිටිය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ආපදාවට පත් පවුල්වල සාමාජිකයන් නාවලපිටිය ප්‍රදේශයේ පොදු ස්ථාන දෙකක තාවකාලිකව නතර කර ඇති අතර, එම අයගේ සුවදුක් සොයා බැලීම සඳහා හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද 02 දින නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ඡායාරූප හා සටහන නුවරඑලිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment